(නිමල කොඩිතුවක්කු)
මහා සංඝරත්නයේ සහ බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගෙන ඇති කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පකෂයේ නායකත්වයට පත් කරන ලෙසට මහා සංඝරත්නය යෝජනා කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියෝ කොළඹදී අද (07) පැවසූහ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් උන්වහන්සේ එහිදී සඳහන් කළහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රාජගිරිය පිහිටි එම කාර්යාලයේ දී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින නායකයින් අතරින් පක්ෂ නායකත්වයට වඩාත්ම සුදුස්සා කතානායක කරූ ජයසූරිය මහතා බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්ව කඩිනමින් මෙම තීන්දුව ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූඇන්පි කියන්නේ මහලු මඩමක් නොවේ. අපේ හාමුදුරුවනේ...
අනාගතය සඳහා මෙම තීරණය නම් ගොඩක් වටිනවා. එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්ම කරූ මහත්මයාගේ නායකත්වයට වටිනවා. නැත්නම් මේ පක්ෂයටත් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුණුදේම වෙනවා.
අන්න එහෙම මොනවා හරි කරලා සජිත් අතට නායකත්වය යන එක වළක්වන්න අපේ හාමුදුරුවනේ.. කවුද කිව්වේ ඔය යෝජනාව ගෙනෙන්න කියලා?
කරූ ජයසූරියට නායකත්වය දුන්නොත් ඔය ලක්ෂ 55 ඡන්දවලින් ලක්ෂ 5ක් වත් ගන්නවා බොරු. මොකද 18ක් එක්ක අනිත් පැත්තට පැන්න එක රටේ ජනතාවට මතකයි...
ඔය කියන්නේ අර පබාට පැරදිච්ච එක්කෙනාද? නැත්නම් වෙන කෙනෙක්ද? මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එජාපෙ පලුවක් අරන් ගිය කෙනාද? නැත්නම් වෙන කෙනෙක්ද? පතෝල එජාපයක් හදලා තියෙන ටිකත් මකබාවලා දාන්න කවුරු හරි කොන්ත්‍රාත් එකක් දීලා වගේ...
හිටපු උතුමාණන් කෙනෙක් දවසක් ගැටඹේ පන්සල වටේ කම්බි ගහපු වේලාවේද බෞද්ධයින්ගේ ආදරයට පාත්‍ර වුණි.
කරූට වඩා තරුණයෝ ඒ පක්ෂයේ නැද්ද?