(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී හෙට (1) පෙරවරුවේ සිදුකෙරේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් එක්විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන හොල්මනක්ද?
දෙගොල්ලන් අතර තියෙන සම්බන්ධය හැටියට ගිවිසුම් ගහන්නත් ඕනෑද?
ඡන්ද 100ක් ගන්න බැරි ඔක්කොම සජිත්ට... කොයිතරම් අසරණද නේද?
ජනාධිපතිට දැන් කියන්න දෙයක් නැති වෙයි.
දැන් නම් හොදටම මොලේ නරක වෙලා වගේ ..
අපිටනම් දැන් හොඳටම අවබෝධ වෙලා තියෙන්නේ ඔය පෙරමුණේ කට්ටියගේ අරමුණ ගැන. රට හදන්න ඕනකමක් නෙමෙයි පළිගන්න බලාගෙන හදපු පෙරමුණක්. ඔය වැඩෙන් වෙන්නේ ගෝඨාභයට තවත් ඡන්ද ටිකක් වැඩි වෙන එකයි.
සජිත්ගේ ජය තහවුරුයි.
ඕනනම් කර ගත්තාවේ. එත් ඉතින් ලොකු හෝටලයක ඇයි? විගඩම්.
සජිත්ට තියෙන ඡන්ද ටිකටත් කෙලවෙන වැඩක්.
චන්ද්‍රිකා තුන්වෙනිවරටත් ශ්‍රී ලංකා එක කනවා. තුන්වෙනි පාරටත් පක්ෂය බිල්ලට දීලා තමන්ගේ වැඩේ කරගන්නවා.
ගෝඨාභය තවත් ජයග්‍රහණයට ලංවුණා...
ඔය ඉතින්... සජිත් තියෙන ඡන්ද ටිකත් නැති කරන්න හදන්නේ...
අපි 94දී රැවටුණු රැවටිල්ලක්... අපරාදෙ කියලා දැනුයි තේරෙන්නේ...
එක්සත් ජාතික පෙරමුණ - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුම 2015 ඉඳන්ම තිබුණානේ. මිනිස්සු ඕවට රැවටෙන්නේ නෑ නෝනේ...
මේ ගිවිසුම එජාපය, චන්ද්‍රිකා අතර අත්සන් කරන එක නෙමෙයි. නියම නිදහස් පාක්ෂිකයින් සහ එජාපය අතර ඇතිවන අවබෝධතාවයක්..
නිකම් බොරු වැඩ නොකර පැත්තකට වී සිටියොත් හොදයි. සජිත්ට ලැබෙන්න තිබෙන ටිකත් නැති කරන්න හදන්නේ.ගෝඨාගේ විශිෂ්ඨ දිනුම ඔය වගේ විගඩම්වලින් තව වැඩිවෙනවා මිස වෙන දෙයක් නැත.
පොහොට්ටුව පස්සෙන් ගිහින් හූව වැදිලා යන එන මග අනාථ වෙලා ඉන්න කට්ටියට නම්බුව බේරාගන්න හොඳ අවස්ථාවක්...
ඔය කාටවත් මේපාර 50%ක් ගන්න බෑ. මෙතන කට්ටිය බොරුවට කෑගහන්න එපා. වැදගත් වන්නේ දෙවැනි මනාපය මේ පාර. එ්ක ගන්නේ අනුර සහ මහේෂ්ගෙන්... ගොඩක් වෙලාවට අනුරට සහ මහේෂ්ට වැටෙන්නේ ගෝඨාට විරුද්ධ ඡන්ද ඒ නිසා සජිත්ට දෙවෙනි මනාපය වැඩිපුර හම්බ වෙන්න ඉඩ තියෙනවා.
මේ වැදි බණ කියන සියලුම දෙනා සිහිපත් කරගත්තොත් හොඳයි.. 2015දී එක්කෙනෙක් බිත්තර ආප්ප කාලා අනිත් පැත්තට පැනලා ජනාධිපතිකම දක්වා ගමන් කලේ මෙතුමියගේ සැලසුමකට අනුව කියන එක...
චන්ද්‍රිකා මේ රටේ තිබුණු රාජ්‍ය ත්‍රස්තවාදය 1994 දී අවසන් කළ බව දැන් හුඟ දෙනෙකුට මතක නැහැ. සුනාමි වලදී ඇයට ලැබුණු ආධාර තමයි මහින්ද ජනාධිපතිවරයාගේ කාලේ හුඟක් සංවර්ධන වැඩවලට ගත්තේ... පොතුවිල් පානම විශාල පාලම අමෙරිකාවෙන් ලැබුණු තෑග්ගක්.. දකුණේ නැගෙනහිර පාරවල් සුනාමි වලට ලැබුණු ආධාර මඩකලපු - මූතූර් පාරේ යකඩ පාලම් සියල්ල. එතකොට එයාට ගරහන එක හරිද?
ප්‍රාදේශිය සභාවක් දිනන්න බැරි අය තමයි සජිත් එකතු කර ගන්නේ. පව් සජිත් අසරණ වුණු හැටි...
මේ ඔක්කොම අපේ රටේ අයනේ එකතුවෙන්නේ. ඒක නිසා කමක් නෑ. ඇමෙරිකන් කාරයෙක්ට රට දෙනවට වැඩිය මේක හොඳයි.
56%ක් දැනටම ගෝඨාට තියෙනවා. දැන් ඉතින් UNP, එකට කඩේ යන කට්ටිය දැන්ම ඉඳන් පරාජයට ලෑස්ති වුණොත් හොඳයි...
තම ආදරණිය මෑණියන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළවුන් සමග යාමට ජනතාවගේ බලවත් විරෝධය.
දෙවරක් ජනාධිපති ධුරය දැරූ මෙතුමිය.., දෙවැනි වරටත් හොර නඩේ පරදවන මෙහෙයුම මෙවරත් අනිවාර්යයෙන් ජයගනු නියතයි.
දැන් මොනවා ගැහුවත් වැඩක් නැහැ, ගෝඨාභය දිනලා ඉවරයි. SLFP එකේ 3 මාසේ දානෙ දෙන්නයි හදන්නේ.
මෙම කාන්තාව ඇගේ පක්ෂය ගැන තැකීමක් නොකරයි. ඇයට අවශ්‍යය ගෝඨාභය සහ මහින්දගෙන් ඊර්ෂ්‍යාවෙන් පළිගැනීමටයි. එය සෑම කෙනෙකුම තේරුම් ගනී යැයි මම සිතමි.
ඇමරිකන්කාරයෝ පරද්දන්න ඔබතුමියගේ සහය සියල්ලෝ අගයති.
සඳට කොතරම් බල්ලෝ බිරුවත් හිත හොඳ චන්ද්‍රිකා මැතිණිය පය තබන තැන දිනුම් !
රටේ සිදුවූ විනාශයට වික්ටර් අයිවන් ලියූ පොතේ සිටින චෞර රැජිණත් වගකිව යුතුයි.
මේ නිවුස් එකට වැටෙන කමෙන්ට්ස් දිහා බැලුවම පේනවා සජිත්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් ගෝඨා ඉන්න බව.