(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා අද (03) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවන බවට සහතික වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබාදෙන බවද තානාපතිවරයා සඳහන් කළ බවද එම කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ජෝනා කොම්පර්ස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුභාශිංසන පළ කළ බවද එම කාර්යාලය සඳහන් කරයි.
දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනොන්‍ය ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට කැපවන බව නවසීලන්ත මහ කොමසාරිස්වරිය පැවසූ බවද ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
301
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ජනපති හමුවෙයි