(සුජිත් හේවාජුලිගේ)
උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබාදීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.
සැර කොරෝනා ප්‍රභේද පැතිර යමින් පවතින තීරණාත්මක අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ සහ ජනයා ඒකරාශීවීම් කිසිසේත්ම සුදුසු නොවන බව පෙන්වා දෙන රෝහණ මහතා වහා ඒවායින් මිදිය යුතු බවද පැවසුවේය.
රටේ දැනට පවතින තත්වය කිසිසේත්ම සුබවාදී නැතැයිද කොරෝනා දැඩි අවදානම්කාරී තත්වයක් පවතින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ගුරුවරුන්ගේ ඔන්ලයින් උද්ඝෝෂණය දිගටම කරගෙන යෑමට ගුරු සංගම් තීරණය කර ඇත.
මේ තත්වය දිගටම පැවතිය හොත් කොරෝනා ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
එවැනි තත්වයක් ඇති වුවහොත් උද්ඝෝෂණ සංවිධානය කරන ගුරු සංගම් නායකයන් ඒවාට වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි උපුල් රෝහණ...
දැනටමත් පරක්කුයි. මේක විකාර කරන්නවත්, එක එක ඒවා ඉල්ලාගෙන පාරට බහින්නවත් කාලයක් නෙවෙයි.
පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ කරනවා. වැඩට යන අයටවත් වැඩට යන්න බැහැ.
දැන් එතකොට වර්ජනය කරලා දේවල් ගත්තේ... ඒ කෙළින්ම මිනිස්සුන්ව බිල්ලට අරගෙන. ඔක්කොම එකයි.
ගුරුවරු වනාහි ලෙහෙසියෙන් රැවටිය හැකි පිරිසකි.. ඒකනේ 68% ක්ම ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. කෙහෙලිය, ජොනී වගේ උගත් බුද්ධිමත් අය තමයි උගන්වන්න යන්න ඕනේ. ගුරු පොකුරට ගුරුවරු වග කියන්න ඕනේ... නම් මේ වෙච්චි විනාශයට කවුද වග කියන්න ඕනේ...?
මේ වෙලාවේ උද්ඝෝෂණ ව්‍යාපාර නිසා සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.ඒත්,මිනිසුන්ට අසාධාරණයක් උනාම උද්ඝෝෂණය කිරීමට තියෙන අයිතිය චන්න ජයසුමන ලාට නැති කරන්නට බැහැ.එයා කරන්නට ඕනේ,මිනිසුන්ට අසාධාරණ කම් නොවන සේ තම රජය සකස්කර ගැනීම යි.කළයුතු දේ නොකොට වෙනත් දේවල් ගැන කියෙව්වාට වැඩක් වෙන්නේ නැහැ.රටේ මුදල් වැයකොට මාධ්‍ය කේන්ද්‍ර හදන්නට මුදල් තියෙනවා.ඒත්,ජනතා අවශ්‍යතා සඳහා මුදල් නැහැ.