IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් ‌දෙනාට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 4කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින  ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (03) නියම කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය .

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ ජීවක එදිරිසිංහ නාලක එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ය.

මීට පෙර අවස්ථාවක අදිකරනයෙ නිකුත් කරන ලද සිතාසි වලට අනුව මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ  අධිකරණය හමුවේ පෙනී සිටියහ .

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දී ඔවුන්ට භාර දුන්හ.

විිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය නිකුත් කරන ලද සිතාසි වලට අනුව තම සේවාදායකයින් අධිකරණයේ පෙනී සිටි බවත් ඔවුන්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියහ .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවන ලබන සැප්තැම්බර් මස 8 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියම කළේය .



අදහස් (0)

ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් ‌දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site