(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක්ද කොවිඩ් රෝගයෙන් අද (16) මිය ගියේය.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 5 ප්‍රදේශයේ පදිංචිව සිටි සස්මිත නමැති සිසුවෙකි.
මේ සිසුවාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇත්තේ පසුගියදා 10 වැනිදාය.
එදින සිට නිවෙසේ නිරෝධායනයවෙමින් සිටි සිසුවා කොළඹ දකුණ ශික්ෂණ රෝහලට (කලුබෝවිල ) පසුගියදා 14 වැනිදා ඇතුළත් කරනු ලැබුවේය.
එහිදී සිසුවා අසාධ්‍ය තත්වයට පත්වීම නිසා ඔහුට ඔක්සිජන් පවා ලබාදී තිබිණැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
විදුහලේ දීප්තිමත් සිසුවකුවූ සස්මිත පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටිති.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසිපතනෙ උසස් පෙළ සිසුවෙක්ද කොවිඩ් මාරයාට බිලි
Keppetipola Monday, 16 August 2021 05:15 PM
ඔබට නිවන් සුව පතමි...!
Raveendra Monday, 16 August 2021 06:00 PM
පුතේ නුඹට නිවන්සුව අත්වේවා...!!!
Dayan Monday, 16 August 2021 06:11 PM
නිවන් සැප ලැබේවා...!!!
Bandula Herath Tuesday, 17 August 2021 09:29 AM
ලුම්බිණි විද්‍යාලය, අපගේ බලවත් සංවේගය .........