
ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්, 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 95 කි.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ සිකුරාදා (අද 8 වැනිදා) දේව මෙහෙය අතරතුරේය. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත්ය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාරගනු ලැබ නොමැති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් කියා සිටියේ ප්‍රහාරය සිදුවුණු තැනට විශේෂ කණ්ඩායමක් යැවූ බවත්, ඔවුන් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්, ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇෆ්ගන් තලේබාන්වරුන් සහ එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. ත්‍රස්ත කල්ලි බොහොමයක සිටින්නේ ද සුන්නි මුස්ලිම් අන්තවාදීන්ය.
ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා පිටවී යෑමෙන් සහ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මීට සති කීපයකට පෙර පළමු වරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියකටය. එහි වගකීම ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්තවාදීන් බාරගත්තේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ගහන්නේ ත්‍රස්තවාදීන් තමයි.