
(අජන්ත කුමාර අගලකඩ)
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ නිත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම සහ තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය කර තිබේ.
තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව, එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.ඒ සමඟම එම තානාපති කාර්යාලයේ කටයුතු අක්‍රියව පැවතුණි.
ඒ අනුව කාබුල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිර්දේශ කර තිබු අතර, ජනාධිපතිවරයාගේ නියෝගය මත එම තානාපති කාර්යාලය වසා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම වශයෙන් මොලේ ඇති එක වැඩක් වත් කළා නම්...!
ඇයි බංග්ලාදේශයෙන් ඩොලර් ගත්තා වගේ ඇෆ්ගනිස්ථානයෙන් ගන්න බැරිවුණාද?
ඕවට වියදම් කරනවට වඩා හොඳයි වහලා දාන එක.
අපරාදේ... ඉස්සෙල්ලා ලෝන් පාරක් ගහලා කන්තෝරුව වහලා ලංකාවේ විදියට පොල්ලක් තියන්න තිබ්බා...
මේක බෞද්ධ රටක්... මුස්ලිම් රටවල් එක්ක තානාපති කාර්යාල අවශ්‍ය නැහැ.
ඇෆ්ඝනිස්ථානය සමග සම්බන්ධකම් එපා. අනාථයින් මෙහෙ ගෙන්වන්න බලයි ලෝකල් හම්බයින්... මියන්මාර් අනාථයින් ගෙන්නුවා වගේ..