(විමුක්ති සංජය පෙරේරා සහ පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිළධාරි වසමේ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මානවලට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවු බව ප්‍රදේශවාසීහු පවසති.
මීට පෙර ඇකිරියට ඉකුත් 22වන දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට,23 වන දින උදෑසන 10ට පමණ ,31 වන දින අලුයම 2.59ට පමණ මෙසේ භූ කම්පන ඇති වී තිබිණි.
ඉකුත් 31 වන දින භූ විද්‍යා සාමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ පරීක්ෂාකර ගම්මානයේ නිවසක් තුල භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍ය්‍යනය කිරීමට නියමිතව තිබිණ.
ඇකිරිය ගම්මානයේ පවුල් 325ක 1200ක පමණ ජනග්‍රහණයක් ජීවත් වෙති.
මේ සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් මේ සම්බන්ධයෙන් නිසි පර්ක්ෂණයක් සිදුකරන්නැයි ගම්වාසීහු අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්
සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 February 2021 02:33 AM
ගුවන් තලයේ පාවෙමින් තිබෙන්නා වූ පස් පිඩක් මත මිනිසා දිවිගෙවනා බව හෝ වර්තමාන මිනිසා සිහිපත් කරනුයේ කලාතුරකිනි. ඒ තරමටම ඔහු සංකීර්ණ වූ ලොවක හිරවී සිටී. පෙර මුතුන් මිත්තෝ කළුගලක් මහා බුදුරුවක් බවට පත් කළෝය. සීගිරි පර්වතය ලොව ප්‍රචලිත කලා නිර්මාණයක් බවට පත් කළේය. ජලය එකතුවෙන පහත්බිම වැවක් බවට පත්කොට කෘෂිකර්මාන්තය දියුණු කළෝය. ඒ සියල්ල කළේ පරිසරය රැකෙනා පරිදිය. එහෙත්, අද දියුණු යයි සිතනා මිනිසා, කළුගල් පර්වත වෙඩි බෙහෙත් යොදා පුපුරුවා හරියි. යුද්ධ වලදී හා යුද අභ්‍යාස වලදී බෝම්බ දමා තමන්ව දරාසිටින මේ දැවැන්ත පස්පිඩ මතට ලබා දෙනුයේ අසීමිත පීඩාවන්ය. මේ දැවැන්ත කම්පන ශක්තීන්, දෙදරුම් ආදිය භූමිකම්පා සඳහා බලපාන බව නවීන මතයයි. එසේම, මිනිසුන් හා සත්වයින්ගේ මරණ වේදනා වැනි දෙයින් ඇතිවන කම්පනද මීට හේතුවන්නේ යැයිද පවතින තවත් මතයකි. මේවා අවම කරගැනීමට මිනිසා විසින්ම වද බන්ධනයට ලක්කිරීම ගැන යම්යම් සීමාවන් යොදවා ඇත. එහෙත්, ඇතැම් අශිෂ්ට මිනිසුන් සතෙකු ඝාතනය කරන්නේද අමානුෂික වදහිංසා දීමෙනි. "අහස පොළව නුහුළන අපරාධ " යනුවෙන් පැරැන්නන් දැන සිටියේ භූකම්පන හා ජලගැලීම් වැනි ස්වාභාවික විපත් සිදුවෙන බව ඉවෙන් මෙන් දැනසිටි නිසායි.