හර්ෂණ තුෂාර සිල්වා
ගෙවුම් ශේෂයේ අවශ්‍යතාව සැපිරෙන තුරු මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (12) පැවැසීය.
ආනයන සීමා කිරීම ඉතා වැදගත් සහ සැළකිය යුතු තීන්දුවක් බවත් ඒ තුළින් කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත් දීර්ඝකාලීනව ඉතා වැදගත් ප්‍රතිපත්තියක් බවත් අධිපතිවරයා කීය.
මෑත කාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමට තරම් ගෙවුම් ශේෂය තවමත් හැඩ ගැසී නැති බවත් එබැවින් එම සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවත් අධිපතිවරයා කීය.
මෙවැනි ප්‍රතිපත්තිවලට ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලින් උදාහරණ ගත හැකි බවත් මෙලෙස ආනයන සීමා කිරීමෙන් රටේ අවශ්‍යතා රට තුළ ම නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය පරිසරය හැඩගැසෙන බවත් හෙතෙම කීය.
එහිදි කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු කීවේය.
දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට වත්මන් ආණ්ඩුව පසුගිය වසරේ දී පියවර ගත්තේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ආනයන සීමා එකළ ද පැවතිණි. එනම් 1970/1977 කාලයේදී. ටැක්සි වෙනුවට තිබුණේ ' මොරිස් මයිනර්' වර්ගයේ මෝටර් රථයි. ත්‍රීරෝද රථ තිබුණේ නැත. දේශීයව රෙදි කම්හල්ද, වානේ කර්මාන්ත සහ සෙසු කර්මාන්තද බිහිවෙමින් පැවතිණි. අනෙක් පසින් සමාජයේ සාරධර්ම ඉතා ඉහළයි. භික්ෂුන් ද ඉතා ධාර්මිකයි. එකල මිනිසුන් ඉතා හොඳ කලාරසිකත්වයක් ද තිබිණි. හොඳ දේශීය සංගීතයක් ද බිහිවිණි. අනුකරණ ගීතවලට ගුවන් විදුලියෙන් ඉඩක් ලැබුණේ ඉතා අඩුවෙන්ය. අවාසනාවකට මෙන් පසු කාලයේ දී 'ධර්මිෂ්ඨ රාජ්‍යයක්' යයි කියා ගන්නා රජයක් මෙරට බිහිවීය. විවෘත ආර්ථිකයක් සමග මත්ද්‍රව්‍යද මෙරටට පැමිණියේය. දේශීය දේ නැත්තටම නැතිවී ගියේය. එසේ නොවුනේ නම් අප රට මලයාසියාව තත්වයටවත් දියුණු වෙනවා නම් නියතයි...
ඔයාලා වාසියට හැමවිටම ආදර්ශ ගන්නේ ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලින්, එතකොට අවුරුදු 72ක් හොරාකන්න කොහෙන්ද ආදර්ශ ගත්තේ කියලා කියනවද? ට්‍රිලියන 12ක ණය අරන් ජාතිය හිඟන්නෝ කළේ මොන රට ආදර්ශයට අරගෙනද කියනවද? මිනිස්සු දැන් දන්නවා මොකද්ද කියලා.
රටේ නීතිය මහජනතාවටත්, ලොකු ලොක්කන්ටත් කියා වෙනම ඇත. නීතිය නැති කළ මොන සීමා දැම්මත් රටක් ගොඩ ගන්න බැහැ. මොකද පාලකයන් කරන්නේ හැම දෙයකින්ම ගසා කන එක සහ ඒවාවලින් පැනලා යන නිසා ඒවායේ නැවතීමක් නැත. සීමාව ඉක්මවා ගසා කන්න ණය අරගෙන දැන් අසාදු ගත වෙලා ඒක වහගන්න ආනයන සීමා දානවා ! රටේ කෘෂිකර්මාන්තය වල පල්ලට ගිහින්...
මේක කළ යුතු දෙයක්.. එළෙසම අපට කළ හැකි දේවල් වලට එක එක සංවර්ධන බැංකුවලින් ණය ගැනීමත් වහාම නතර කරන්න.
දයාජ ඔය කියන කාලයේ රට ට්‍රිලියන 12ක ණය කරලා තිබුණේ නැත.