IMG-LOGO

ආනන්දයේ සත් මහල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වෙයි

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදුකෙරිණි.

එම අවස්ථාවට කතානායක කරු ජයසුරිය, අමාත්‍යවරු වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන අර්ජුන රණතුංග, රංජිත් මද්දුමබණ්ඩාර,රාජිත සේනාරත්න, දයා ගමගේ,අජිත් මාන්නප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (12)

ආනන්දයේ සත් මහල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වෙයි

ජෝෂ් විදානගම Friday, 07 February 2020 11:26 AM

කී වෙනි සැරේටද දෙවියනේ ඕක ඔය විවෘත කලේ?

:       467       40

සඳුන්Friday, 07 February 2020 01:26 PM

හදලා විවෘත කරපු පළමුවන පාර...

:       1       133

Dil PereraFriday, 07 February 2020 01:50 PM

ජෝෂ් මහත්තයෝ, දුකද? ජෙලද? එහෙම නැත්නම්, මානසික රෝගයට ගන්න නියමකර ඇති බෙහෙත් ගන්න අමතක වුණාද? "ආනන්දය" ගැන ඔබ දන්නේ නැත්නම්, පතක් පොතක් කියවන්න. අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද තෙරුන් ඉගෙන ගත්තෙත්, ගුරුවරයෙක් ලෙස කටයුතු කළෙත් ආනන්දෙයේය. ආචාර්ය NM පෙරේරා, කරූ ජයසූරිය, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, කමල් ගුණරත්න, මහාචාර්ය VK සමරනායක, විමලසුරේන්ද්‍ර ඉන්ජිනේරුතුමා, 30 වසරක යුද සාපයෙන් රට බේරාගත් ගෝඨාභය රාජපක්ෂ වැනි අප රටේ අප්‍රතිහත මානුෂික බලයක් උත්පාදනය කලේ බුදු දහමින් පෝෂණය වූ ආනන්ද විද්‍යාලය බව මතක තබාගන්න.

:       11       600

kamalSaturday, 08 February 2020 08:22 AM

අනිත් නම් අතර ආනන්දයේ පුතෙක්... රාජිත නම සඳහන් කරන්න ලැජ්ජා හිතුණා...

:       0       3

NishanFriday, 07 February 2020 09:59 PM

අනුන් හදපුවා විවෘත කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?

:       22       43

සිරි Saturday, 08 February 2020 02:59 AM

පහුගිය ආණ්ඩුව ඔය ගොඩනැගිල්ල නිම වෙන්නත් කලින් විවෘත කරන්න උත්සාහ කළා.. ඡන්දයක් ප්‍රකාශ කරලා තිබුණු වෙලාවක. ආදි ශිෂ්‍යයින් මැදිහත් වෙලා ඒක වැළැක්වූවා... සමනලයෙකු අතින් නොවී රටේ ඉහළම තනතුරට ගිය ආදි ආනන්දීයයා අතින් මුල්ගල තබා වැඩ නිමවූ ගොඩනැගිල්ල විවෘත කරන්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ?

:       101       53

අළුත්225ක් තෝරමු Friday, 07 February 2020 01:50 PM

මුල්ගල තියපු අයම විවෘත කළා. ගොඩනැගිල්ල හැදුවේ කවුද? යහපාලනය ගැනත් ටිකක් මතක් කරලා තිබුණා නම් ගොඩාක් වටිනවා.

:       1       57

SujeewaFriday, 07 February 2020 02:25 PM

ඒ ගැන නම් කියන්න දෙයක් නෑ. මමත් ආනන්දයට ගියා. "ජරාපාලනයේ" හිටපු ලොකුම ආනන්දයේ කෙරුමා "දතා" නොහොත් "පරාජිත". පොඩිම එකා එයාගේ පැටියා හෙවත් "පචයා" නොහොත් "කයි කාරයා". මොන නස්පැත්තියක් රටට කළාද? මොන අගෞරවයක් කළාද?

:       318       143

NishanFriday, 07 February 2020 10:10 PM

ඔයාට කිව්ව දේ තේරිලා නැහැ. ඔහු කියන්නේ මුල්ගල තියන එකයි, විවෘත කරන එකයි... විතරයි මෙතුමා කලේ ගොඩනැගිල්ල හැදුවේ යහපාලන ආණ්ඩුවෙන් කියලා...

:       0       4

Raveendra Friday, 07 February 2020 02:42 PM

මහජන මුදලින් සදා නිමකරන ලද මෙහි නම්ගම් හරියට කොටලා තියනවද කියලා හොඳින් බැලුවොත් නරකද? මොකද ඔය එක එක ජරා අපතයින් අල්ලපු රටේ, ඇමරිකාවේ වගේ ජරා දේශපාලුවන්ගේ නම්ගම් ලියලා තියෙන්න පුළුවන් අයත් හරි කැමතියි... අහිංසක මිනිසුන්ගේ මුදල්වලින් ඒ ඒ පරයින්ගේ නම් ගම් ලියාගන්න. ඒ වුණාට අපේ දේශපාලුවන් නම් වැසිකිළියකටවත් ඔවුන්ගේ නම් දාන්නේ නැහැ. එතරම් අවංකව මහජන මුදල් වියදම් කරනවා. අනේ අපොයි කවදා අපගේ මව්බිම මෙවන් ගොන් පාට් වලින් මිදෙයිද?

:       1       13

Nihal Friday, 07 February 2020 05:10 PM

රටේ ජනතාවගේ මුදල් වියදම් කර ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල ඉක්මණින්ම සිසු අයිතියට පත්කිරීම ඉතාම හොඳ දෙයක්... ඒ වගේම ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙම ගොඩනැඟිල්ල ඉදිවූ බව සඳහන් කිරීම වටිනවා. හේතුව පසුගිය රජයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් හඳුන්වා දුන් ජාතික ප්‍රතිපත්ති අතර ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ ළඟම පාසල ව්‍යාපෘතියයි. ඉතිහාසයේ වෙනත් කිසිම අධ්‍යාපන ඇමැතිවරයකු අධ්‍යාපනයට කළාට වඩා විශාල වැඩ කොටසක් පසු ගිය රජයේ තරුණ අධ්‍යාපන ඇමතිවරයා ඉටුකළ බව අපි මතක තබාගත යුතුයි. එවැනි හොඳ මතකයක් තබාගැනීමට දේශපාලන භේද වුවමනා නැහැ.

:       1       30

තාරක Friday, 07 February 2020 09:15 PM

ඔබේ දැක්ම අගය කරමි. මෙන්න මේ ගැනත් සිතන්න කාලයයි. "දේශපාලුවෝ ජනතා මුදලින් මේ වාහන අරගෙන අම්මගේ අප්පගෙ බූදලයෙන් ගත්ත ඒව වලින් වගේ යන්නේ. මොවුන් අතරෙ උගත් කියාගන්න අයත් ඉන්නවා ලැජ්ජාවක් නැතිද මේ අයට...? පාරේ යනකොට වටකරගෙන මොවුන්ට හූ තියන්න ඕනෑ. එහෙම නැතිව අපට වෙනකරන්න දෙයක් නෑ. මේ වැරදි වැඩ හා ක්‍රමය මේ අය එකතුවෙලා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන... අපිට මොනතරම් ප්‍රශ්නද? අපි කොපමණ අසරණයිද? නව ජනාධිපතිතුමනි, මේ ක්‍රමය සදහටම නැතිකරන්න. එතකොට දේශපාලනය රැකියාවක් වශයෙන් බලාපොරොත්තුවන අය තුරන්වෙයි... නියම රටට ආදරේ ඇතිඅය රට බාරගනියි".

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 327 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 802 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site