(ඩයනා උදයංගනී)
නව අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූ බව හා ආණ්ඩුව විසිරී ගොස් ඇති බව එම පාර්ලිමේන්තුව රැස්වූ පසුගිය නොවැම්බර් 14, 15, දිනවලට අදාළ හැන්සාඞ් වාර්තා මගින් තහවුරු වන්නේ යැයි හිටපු අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තුවේ වූ සිද්ධීන් ගැන කවුරුන් කුමන අදහස් දැක්වූව ද ඒ පිළිබඳ නිල ලියවිල්ල වන්නේ හැන්සාඩ් වාර්තාව බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
හඬ අනුව ඡුන්දය ගෙන තීරණයක්දීමට සිදුවූයේ මන්ත‍්‍රීවරුන් ඡන්දය ගැනීමට ඉඩනොදී ඝෝෂා කරන නිසා බවට හා හඬ අනුව යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා කළ ප‍්‍රකාශ එහි ඉතා පැහැදිලිව සටහන් වී තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.
මේ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයා, ඇමතිවරුන් හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, සභානායක ආදී තනතුරු නොමැති බවට කතානායකවරයා කළ ප‍්‍රකාශය ද 15 වැනිදා හැන්සාඞ් වාර්තාවේ දැක්වෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ සියල්ල සිදුවූයේ මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකුගේ කැමැත්තෙන් බව කී හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ඡන්දයට බියවූයේ ඔවුන්ට බහුතරයක් නොතිබූ නිසා බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
තත්ත්වය එසේ තිබියදී තම බලය රැකගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය පාර්ලිමේන්තුව තුළ මිරිස්කුඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ක‍්‍රියාත්මක කරවමින් සිටින බව කී ඒ මහතා එවැනි කණ්ඩායමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ පවත්වයිද යන්න සැක සහිත බව ද කීවේය.
පාර්ලිමේන්තු කාරක සභා පත්කිරීමේදී ද ඒවායේ වැඩි නියෝජනයක් බහුතරය සිටින කණ්ඩායමට හිමි විය යුතු බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට කැබිනට් මණ්ඩලය විසිරී ගොස් ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්යාල වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බව කී හිටපු ඇමතිවරයා ඇමතිවරුන්ගේ කාර්යාල කටයුතු අත්හිටුවීමේ යෝජනාවක් 30 වැනිදාට ඉදිරිපත් කරන බව ද කීවේය.
එවැනි ක‍්‍රියාමාර්ග මිස රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමේ ක‍්‍රියාමාර්ග නොගන්නා බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආණ්ඩුව විශ්වාසභංගයෙන් පරදයි කියනවා. නීති විරෝධී ආණ්ඩුවක් කියනවා. සත්‍යග්‍රහ කරනවා. විපක්ශයට වෙලා ඉන්නවා.. යන්නකෝ උසාවි...
ආණ්ඩුව විසිරී තිබෙනවානම් යන්න මහජන ඡන්දයකට.
විසිරිලා නම් යන්නකෝ මහජන ඡන්දයකට !
අපිට නම් ඔය කවුරු ආවත් එකම දෙය තමයි වෙන්නේ
දැන් අලුත් අගමැති පත්කරන්න...
බමුණු මහත්තයෝ ඔයා මේ ගොඩ පෙරකදෝරු තර්ක දැම්මට, ඡන්දයක් තියන්න බැහැ ව්‍යවස්ථාවේ හැටියට. අනිත් කාරණාව කොහොමද ඡන්දයක් වුනත් පවත්වන්නේ මෙවැනි ආණ්ඩුවක් යටතේද? ලස්සනට තියෙයි! පොහොට්ටුවෝ විතරක් නෙමෙයි මේ රටේ තවත් බහුතර පිරිසක් ජීවත් වෙනවා.
කොහොමද ඡන්දයක් තියන්නේ?? මහින්දම මේ ලඟදි කියල තියනවනේ අවුරුදු 41/2 ක් යනතුරු ඡන්ද තියන්න ව්‍යවස්ථාව අනුව බැහැ කියල. ඊට ඉහළ සර්වඥ භාෂිතයක්ති තියනවද? .
හොර ආණ්ඩුවක් විසිරවන්න දෙයක් නැහැනේ . ඒක නීත්‍යානුකූල නැහැනේ . ඒ නිසා ජනතාවට පව් නොදී විසිරෙන්න කියන්න .