IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති

(කාංචන කුමාර ආරියදාස)
  
මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ග්‍රාම සේවා වසමට අයත් ගම්මාන රැසකට අලි කඩාවැදී, පොල් ගස් දහසකට අධික ප්‍රමාණයක් දින තුනක් ඇතුළත විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
වසරකට සැරයක් වන අලින් කණ්ඩායමක් මෙම ප්‍රදේශයට කඩා වැදී මෙයාකාරයෙන් පොල්, කෙසෙල්, ඉඟුරු, එළවළු වර්ග විශාල ප්‍රමාණයක් විනාස කරන බව කියන ඔහු මේ වනතුරු කිසිදු බලධාරියෙකුගේ අවධානය ඊට යොමුවී නැතැයිද පෙන්වා දෙති. වෙළෙඳපොළේ වැඩි වටිනාකමක් ඇති කෝලිකුට්ටු ,පුවාලු ,ඇම්බන් ආදී  කෙසෙල් වගාව අලි විනාශ කර ගොසිනි.
 
මෙම වන අලි කණ්ඩායම තම   ප්‍රදේශයට   කඩා වදින්නේ මොරගහ කන්ද රක්ෂිතයේ සිට බවද ඔවුහු සඳහන් කරති.
 
ගම්මිරිස්, කෝපි, බුලත්, ඉඟුරු ආදී වගාවන් රැසක් කරන ජනතාවක් මෙහි සිටින බවත් ගම්මිරිස් වලට මිල නොමැති නිසා බොහෝ ගොවීන් ගම්මිරිස් වගාව අතහැර වසර කිහිපයක සිටම පොල් වගාවට හුරු වී ඇති බවත් ඔවුහු කියාසිටිති.
 
පළමු වරට පල දරමින් ඇති මෙම පොල් වගාවේ ගොබ  ඇද දමා විනාශ කර ඇති අයුරු ගොවීන් පෙන්වා දුන් අතර එක් ගොවියකුගේ පමණක්  පිදීමට ආසන්නයේ පැවති පොල් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් එක රැයකින් විනාශ කර ඇති අයුරු ද ඔහු පෙන්වා දුන්නේය.

වසරකට වතාවක් මාසයක පමණ කාලයක් තම ගම්මානවල රැඳී සිටින මෙම වන අලි කණ්ඩායම විශාල පාඩුවක් සිදු කර ගම හැර යන බවද වෙනත් කාලවලදී වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරිවරයා ප්‍රදේශවාසීන් හා එක්ව එම වන අලින් පලවා හැර එම මාසයක කාලය තුළ ගම ආරක්ෂා කර ගන්නා බව පැරැන්නෝ කියති.
 
එහෙත් වර්තමානයේ මෙවැනි කිසිදු ක්‍රමවේදයක් ගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගා කරන ලද දීර්ඝ කාලීන බෝග මෙයාකාරයෙන් විනාස කිරීම නිසා තමන්ගේ ආර්ථිකයට ද දැඩි හානි සිදුවන බව පල්ලෙපොල කිරිඔරුව ප්‍රදේශයේ ගොවීහු පෙන්වා දෙති.
 
රටටම බලපාන මෙම බරපතළ ආර්ථික හානිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට පොල්ගස්වලට යම්කිසි සාධාරණ වන්දි මුදලක් හෝ ලබා දෙන්නැයි ඔවුහු රජයට යෝජනා කරති.

 

 



අදහස් (0)

අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site