IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයවැය ඡන්දය ගැන ශ්‍රීලනිපයේ - පොහොට්ටුවේ තීන්දුව හෙට

(නාලක සංජීව දහනායක)

අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවැසීය.

රජය විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බව කියා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනිද්දා (6) ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

මේ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බව පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩු විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැඟීම ස`දහා සිංහල අවුරුද්දෙන් පසුව සියලූම දෙනා එක්විය යුතු බවද පවසා ඇත.



අදහස් (6)

අයවැය ඡන්දය ගැන ශ්‍රීලනිපයේ - පොහොට්ටුවේ තීන්දුව හෙට

Mahee Thursday, 04 April 2019 06:08 PM

ඔව් ඔව් පුළුල් සන්ධානයක් ගොඩනගලා හරි මේ කට්ටියගේ හොර මැරකම් නවත්වන එක නම් හොඳයි. හැබැයි, ඔබ තුමා ඉඟුරු දීලා ගන්න යන්නේ මිරිස් බවත් නොදැන ඉන්න විදිහක් නැහැනේ. අපි නම් දන්නවා.

:       99       90

sirimal Thursday, 04 April 2019 07:44 PM

අදට වැඩිය හෙට හොඳ වෙන පාටක් නැහැ වගෙයි. පොහොට්ටුව හදන්නේ මොන ක්‍රමයකින් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික කොල්ල කන්න.

:       118       75

Amila Friday, 05 April 2019 03:19 AM

ප්‍රතිපත්තියක් නැති නායකයෙක් නිසා ශක්තිමත් පක්ෂයක් ත්‍රීවීලර් පක්ෂයක් වුනා. පක්ෂයක් හරියට රැකගන්න බැරි මනුස්සයා කොහෙද රටක් කරන්නේ නේද?

:       0       18

dilal Friday, 05 April 2019 04:48 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තම පක්ෂ නායකයා සිරිසේන මහතා බව පිලිගන්නවා නම් එතුමා රටේ නායකයා හා ආණ්ඩුවේ නායකයා බව පිලිගන්නවා නම්, අයවැයෙන් තනි පුද්ගලයෙකුට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේත් තම පක්ෂ නායක ජනාධිපතිතුමාට බව පිළිගන්නවානම් අයවැයට පක්ෂව චන්දය දියයුතුයි. රටේ නායකත්වය වෙනත් පුද්ගලයෙකුට දීමට කැමතිනම් අයවැයට විරුද්ධව චන්දය දෙන්න .අපිට කිසි ප්‍රශ්නයක් නැහැ.

:       3       0

smn Friday, 05 April 2019 05:32 AM

ඔය නායකයෝ මඩේ හිටවපු ඉනි වගේ වුණාට ඡන්ද දායකයෝ එහෙම නැහැ. ඡන්දදායකයෝ දන්නවා කූඩුව ඇතුළට ගිහිල්ලා මොනවද කළ යුත්තේ කියලා..

:       0       0

sirimal Friday, 05 April 2019 08:16 AM

අද ආරංචි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක්ම අයවැය ඡන්දය තියෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්නේ නැති කතාවක්. ඒ ගොල්ලෝ රනිල් එක්ක සාකච්ඡාවකුත් ඉල්ලලා තියෙන බවයි කියන්නේ. ඔහෙ පලයන් කිව්වලු.

:       0       93

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site