(දයාරත්න ඇඹෝගම)
ඓතිහාසික අනුරාධපුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය ඝණ කැළෑවකින් වැසී ගොස් ගවයන් දිගේලි කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි දෙස් විදෙස් සංචාරකයන් චෝදනා කරති.
වෙස්සගිරිය ලෙන් සිතුවම් ලොව ඉපැරණිම ලෙන් සිතුවම් අතරට එක්වන පුරාවිද්‍යා වටිනාකමින් අනූන සංස්කෘතික දායාදයක් බවට ප්‍රකටය. එහෙත් අද මෙම ලෙන් විහාර සංකීර්ණය ඇතුළු සමස්ත භූමිය ඝණ කැළෑවකින් වැසී ගොසිනි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අනුරාධපුර රාජධානියේ අවසානය දක්වා ශ්‍රී ලාංකීය ඉතිහාසය ඔප් නැංවීමට අමිල වූ පුරාවිද්‍යාත්මක සාධක රාශීයක් අනුරාධපුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය තුළින් හමුවී තිබිණි.
භූමිය වටා ආරක්ෂිත වැටක් නොමැති අතර මේ හේතුව නිසාම අසල්වැසියෝ ලෙන් විහාර භූමියේ තැන තැන ඇති ගල් කුළුණුවල ගවයින් ගැට ගසා දිගේලි කරති. මෙය දිගු කාලයක සිට කිසිදු බාධාවකින් තොරව සිදුකර ගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.
අතීත මුතුන්මිත්තන්ගේ දහඩියෙන් හා කඳුලින් ඉදිවුණු දස දහස් ගණන් මහ රහතුන් වහන්සේලා වැඩ සිටි මෙවන් පුණ්‍යභූමි , මෑත කාලයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදුකර නව ඓතිහාසික සංසිද්ධීන් ගණනාවක් ලෝකයට එළිදැක්වූ මෙවන් සංස්කෘතික උරුමයන් මෙසේ විනාශ වීමට ඉඩහැර ඇත්තේ මන්දැයි දෙස් විදෙස් සංචාරකයෝ විමසා සිටිති.
මේ සම්බන්ධයෙන් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්ෂ ගුණතිලක බණ්ඩා මහතා ගෙන් කළ විමසුමේ දී හෙතෙම මෙසේ පැවසීය.
මෙහි නඩත්තු කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පත් කරලයි තිබුණේ.පසුගිය කාලයේ එහි සේවය කළ අනියම් සේවකයන් විශාල පිරිසක් ඉවත් කළා.ඒ වාගේම කොරෝනා උවදුර නිසා සංචාරකයන් නොපැමිණිමෙන් ආදායම අඩුවිමත් සමග නඩත්තු කටයුතු ඇණ හිට තිබුණා.
දැන් දැන් සංචාරකයන්ගේ පැමිණීම හොඳ මට්ටමක තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් සමඟ සාකච්ඡා කර වෙස්සගිරියේ නඩත්තු කටයුතු සිදු කිරිමටත් එහි ආරක්ෂාව තහවුරු කිරිම සදහාත් පියවර ගන්නවා.
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්රදේශවාසිහු පවසති.
ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
අ’පුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය ගවගාලක් වෙයි
janahitha Thursday, 17 September 2020 09:23 AM
ඔතන අහල පහළ ඉන්න අය ඔතැනට එන අයගෙන් මුදල් උපයාගන්නවා. ඒ අරමුදලින් එනකම් ඉන්නේ නැතිව සමිතියක් හදාගෙන ඔතන සුද්ද පවිත්‍ර කරන්න බැරිද?