
(බී.ජී.චතුරංග)
ඇද හැළුණු දැඩි වර්ෂාවත් සමග තලාව ඇල පිටාර ගැලීමෙන් ඇළ දෙපස සිටි ගවයන් සියයකට වැඩි ප්‍රමාණයක් අතුරුදන්වි ඇතැයි ඔයාමඩුව සහ දුනුමඩලාව අවට ගොවීහු පවසති.
දින තුනක් තිස්සේ නොකඩවා ඇද හැළුණු වර්ෂාව සමග තලාව ඇල, හදිසියේම පිටාර ගැලීම නිසා ඇල දෙපස ඉදි කර තිබූ ගව ගාල් හා තණ කෑමට බැද සිටි එළ ගවයන්, මී ගවයන් මෙසේ අතුරුදන්වි ඇති බව ගොවිහු පවසති.
දුණුමඩලාව, නබඩගස්දිගිලිය, කුඩාහල්මිල්ලෑව මහ ඇහැටුවැව යන ප්‍රදේශ රැසක ගවගාල්වල හා තණ කෑම සදහා බැද සිටි ගවයන් සියයකට අධික ප්‍රමාණයක් මෙසේ අතුරුදන්වි ඇති බවත් එම සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් මිය යන්නට ඇති බව ගොවීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd