මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
අතුරු සම්මත ගිණුම සම්මත නොවුණ හොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි වන බව ද ඔහු කීවේය.
බැඳුම්කර ගනුදෙනුව වගේ වැරදි දේවල් පසුගිය ආණ්ඩු කාලයේ සිදු වුණ බව කී අමරවීර මහතා ඒ කාලයේ ඉතා හොඳ වැඩ ද රැසක් සිදු කළ බව සිහිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩා කණ්ඩායමකට සීමාවීම ගැන කණගාටු වන බවත්, ඉදිරියේ දී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බවත් මහින්ද අමරවීර මහතා කීවේය.
(36698)
COMMENTS
ඒ මොකද මාත් පනින්න හිතං ඉන්නේ...
පසුගිය කුමන්ත්‍රණ කාලයේ රටට වූ පාඩුව ගැන හිතිලා වගේ...
බැඳුම්කර වංචාවල් නම් 2008 සිට වුනා කියලා අපේ ජනාධිපතිතුමා කිව්වේ...
මෙයා දැන් අමුතු පොතක් ගෙනියනවා. දෙපැත්ත කන ජාතියක්. ශ්‍රී ලංකාකාරයෝ නැත්තටම දියවී යා යුතුයි. එජාපයේ කෙනෙකුට මේ දක්වා කියන්න බැරිවුණ රටට කල වැඩක්.... මේ ගොයියා කියනවා බැංකු කොල්ලයට අමතරව වැඩ කලාලු. කියන්නකෝ කරපු වැඩ... රැකියා දසලක්ෂයද? රත්තරන් චේන්, බ්‍රේස්ලට්ද? අනේ මෙහෙම කීව අයටත් ඡන්දය දීපු එජාපයෝ ඉන්නවනේ...
මේ රටේ නැති ප්‍රශ්න හදමින් මුදල් නාස්ති කරමින් ප්‍රතිපත්තියක් නැතුව පිස්සු නටන මේ ශ්‍රීලනිප කාරයන් ටික අායෙත් කිසිම විදියකින් පාර්ලිමේන්තු යැවීම නොකළ යුතුයි. මොවුන් රට ගැන කිසිම අවබෝධයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් නායකයා වගේම...
පිස්සුද බිල්ඩින්, පාරවල්, අධිවේග, විදුලිබලාගාර, පාසල් ළමුන්ට විද්‍යාගාර, ත්‍රස්තවාදය නැතිකර රටට සාමය දීම, ගොවි ජනතාවට රටේ ජනතාවට සහන සැලසීමෙන් ආණ්ඩුවක් කරන දේවල් මනින්න බැහැ. මනින්න පුළුවන් කොපමණ රත්තරන් චෙන්, බ්‍රේස්ලට් දුන්නාද, ෆොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලා කීයක් පිහිටෙවුවාද, දශ ලක්ෂෙකට රැකියා දුන්නාද බැංකු මංකොල්ල කීයක් කලාද කියන එකෙන්.
පසුගිය කාලේ තිබුණු හැම ආණ්ඩුවකම ඇමැති තනතුරක් මෙතුමාට තිබුණා... දැන් අලුතින් පත්වුන එජාප ආණ්ඩුවේත් ඇමතිකමක් මෙතුමා තව සති කිහිපයක් ඇතුළත ගන්නවා. එ්කට පහුගිය කලේ කිව වගේ , දෑත ශක්තිමත් කිරීම , පාක්ෂිකය ආරක්ෂා කරගැනීම , පළාතේ ජනතාවට සහන සැලසීම , වැනි කුමක් හෝ නිදහසට කාරණයක් මෙතුමා සොයාගනීවි.