IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


ඉබාගාතේ ගමන්කරන ආර්ථිකයක්

මේ ආණ්ඩුව දැන් බලය පවත්වා ගැනීම සඳහා කරන්නේ ආර්ථිකයට ජාතිවාදයක් පටලවා ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය ආයතන ගැන බටහිර කුමන්ත්‍රණ වැනි අදහස් ව්‍යාප්ත කරන්නේ එහෙයිනි. එහෙත් මේ නිසා සිදුවන්නේ කඩාවැටුණු ආර්ථිකයට විද්‍යාත්මක විසඳුම් සෙවීමෙන් තවත් ඈත් වීමය. යහපත් ආර්ථිකයක් සඳහා වූ ගවේෂණයට ආර්ථික විද්‍යාව යැයි කියන්නේ ඊට අදාළ විෂයය ශික්ෂණය නිසාය. විද්‍යාව යනු විද්‍යාවය. ඊට ආගමක් ජාතියක් නැත.

අනෙක් අතට ආණ්ඩුවේ මේ තර්කවල ඇත්තේ දෙබිඩිභාවයකි. එසේ නැත්නම් කොවිඩ් මර්දන වැඩපිළිවෙළට උදව්වට ගන්නා මොඩර්නා, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා ආදී එන්නත්වලටත් මේ සුද්දාගේ දේ එපාය යන තර්කය තිබිය යුතුය. මිනිසුන් එන්නත් ලබාගන්නේ ඊට විද්‍යාත්මක පදනමක් ඇති නිසාය.

කොවිඩ් වසංගතයට සමගාමීව ලංකාව දැඩි ආර්ථික වසංගතයකින් ද පෙළෙමින් සිටී. ඊට ද අවශ්‍ය වන්නේ විද්‍යාත්මක විසඳුමකි. ඊට විසඳුම් සොයන වෛද්‍යවරයාගේ ද ආගම ජාතියෙන් පීඩාවට පත්ව සිටින්නන්ට වැඩක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ආණ්ඩුවට ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්, එය ජනතාවට සන්නිවේදනය කිරීමටත් හැකියාවක් නැති වීමය. ඊට හේතුව කුමක් ද? ආරම්භයේ සිටම ව්‍යාජ තර්ක හා අලංකාරෝක්ති මත පදනම් වූ දේශපාලනයයි.

කොවිඩ් වසංගතය ආරම්භයේදීම වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ක්‍රියා කළෙමු. මුඛ ආවරණයේ සිට එන්නත් ඇණවුම් කරගැනීමේ අවශ්‍යතාව දක්වා ප්‍රමුඛතා අවධාරණය කළෙමු. එහෙත් මේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් එකල පාර්ලිමේන්තුවේ අභීත ලෙස ප්‍රකාශ කළේ වැක්සීන් ගන්නට කලබල විය යුතු නැති බවය. ප්‍රතිඵලය වූයේ නිසි කලට ඇණවුම් නොකිරීම නිසා එන්නත් පමා වීම පමණක් නොව ඊට ලෝක වෙළෙඳපොළේ ඇති අධික ඉල්ලුම සමග පසුව විශාල මුදලක් මෙන්ම ජීවිත දහස් ගණනකින් ද වන්දි ගෙවීමට සිදු වීමය. මේවා තනිකරම කළමනාකාරිත්ව ගැටලුය. රාජ්‍ය පාලනයට මෙන්ම මූල්‍ය පාලනයට කළමනාකාරිත්වයක් නැති වූ විට ඊට වන්දි ගෙවන්නෝ අසරණ මහජනයාය. ජනාධිපතිවරණ ජයේ උද්දාමයෙන් මුසපත්ව පාර්ලිමේන්තුවත් අත්හිටවූ ආණ්ඩුව එදා කළේ සිය බලය සඳහා වසංගතය පාවිච්චි කිරීමය. 20 වැනි සංශෝධනය යනු එහි ඉදිරි ප්‍රකාශනය විය. රාජ්‍ය බලයේ අවි ආයුධ පාවිච්චි කර එවැනි ආකාරයට බලය තහවුරු කරගැනීමට ආණ්ඩුවකට හැකියාව ඇතත් එයින් රටට හෝ ජනයාට යහපතක් ඇති කරන්නේ නැත. එවිට සිදුවන්නේ සිය නොහැකියාව තව තවත් වසා ගැනීම සඳහා මර්දනයම දියත් කිරීමටය. හදිසි නීතිය ද ඈඳාගෙන ආණ්ඩුව අද වනවිට වැඩි වැඩියෙන් ඒකාධිපති මගක යන්නට වෑයම් කරන්නේ ද ඒ නිසාය.

ලොව කිසිදු රටක් සෞඛ්‍යයට අදාළ මේ ප්‍රශ්නයේදී මහජන සෞඛ්‍ය විශේෂඥයන් ඈත් කරගන්නේ නැත. ඒ සෑම රටක්ම මුල් තැන දෙන්නේ වසංගත මර්දනයට අදාළ පරිපාලන ඒකකය වූ සෞඛ්‍ය අමාත්‍යාංශයටය. එහෙත් අද වනවිට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තිබෙන්නේ මුල් සිඳ බිඳ දැමූ තත්ත්වයකය. බලය හා වගකීම විතැන් කළ තත්ත්වයකය. වසංගත මර්දනයට අදාළ විශේෂඥ කමිටුවලින් සෑම සතියකම පාහේ විශේෂඥයන් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා වන්නේ එහෙයිනි.

වසංගතය නිසා සෞඛ්‍ය අංශයේ මේ කල කිරීම පුවත් ලෙස ඉස්මතු වුණත් රාජ්‍ය පාලනයට අදාළ අනෙක් සෑම ක්‍ෂේත්‍රවල ඉරණම ද මීට වෙනස් නැත. පුරාවිද්‍යාව ගත්තත් පාරිභෝගික සේවාව ගත්තත් වාරිමාර්ගය ගත්තත් මේ සෑම අංශයකම අඬු විහිදුවමින් සිටින්නේ මිලිටරියයි. පරිපාලන සේවය යනු අද වනවිට මේ ඒකාධිපති යාන්ත්‍රණයේ හොඳම ගොදුරකි. ආණ්ඩුව උත්සාහ කරන බව පෙනෙන්නේ ආණ්ඩුකරණයේ ව්‍යාජය ගැන කතා කරන අභියෝගයක් විය හැකි තැන් බලය යොදා පාලනයටය.

පාස්කු ඉරිදා ප්‍රහාරකයන් සෙවීම ගැන ආණ්ඩුවේ බොරු කතා ඊට කදිම නිදසුනකි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි යන ප්‍රශ්නය මුල් වරට ඉස්මතු කරනු ලැබුවේ 2020 දෙසැම්බරයේදී මා විසිනි. ක්ෂණයකින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මා සොයා පැමිණියේ මහ මොළකරු කවුදැයි දැනගැනීමටය. විපක්ෂයේ මන්ත්‍රීවරයකු මහජනතාව වෙනුවෙන් කරන ප්‍රශ්න කිරීමේ භූමිකාවත් අපරාධ විමර්ශකයකුගේ භූමිකාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලි කරදීමට මම එහිදී කටයුතු කළෙමි. ඉන් පසු සිදු වූයේ කුමක් ද? මා සහරාන්ගේ බිරිඳට මුදල් පරිත්‍යාග කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පිළිගත් බවට කිසිදු පදනමක් නැති කතා ප්‍රවෘත්ති බවට පත්කිරීමය. එවැනි බොරුවක් ජනමාධ්‍යයට දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුදැයි සොයන්නැයි මම නැවතත් ඊටම පැමිණිලි කළ අතර, එවිට ඔවුන් කීවේ ෆේස්බුක් සමාගමෙන් තොරතුරු නොදෙන නිසා විමර්ශනය සිර වී ඇති බවය. එසේ නම් අධිකරණයට යන්නැයි මම ඉල්ලුවෙමි. එහෙත් ඊට සිදු වූ දෙයක් නැත. මම මේ කරුණු මෙහි සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන විය යුතු අපරාධ විමර්ශකයන්ගේ භූමිකාවේ පුදුමසහගත කලබල තැන් හා මන්දගාමී තැන් පෙන්වා දීමටය.

බලය ලබාගැනීම සඳහා මිනිසුන්ට යටිකූට්ටු වැඩ කළ හැකිය. එහෙත් සැමදා සත්‍යය වසන් කළ නොහැකිය. අගමැතිවරයා ඉතාලියට පැමිණි අවස්ථාවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවෙහි නියැළෙමින් ඉල්ලා සිටියේ සත්‍යය හෙළිදරව් කරන හැටියටය. ජනාධිපතිවරයා නිව් යෝක් නුවරට ගිය අවස්ථාවේත් දුටුවේ එයයි. ප්‍රංශයේ පැරීසියේදී පුපුරා ගියේත් ඒ ජන හඬයි. මේ මිනිසුන් යනු මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කිසියම් ආකාරයකට මැදිහත් වීමක් කළ දේශපාලන බලවේගයකි. එපමණක් නොව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව යනු අද වනවිට කිසියම් ආකාරයකට බලමුළු ගැන්වෙන දේශපාලන බලවේගයකි. සාමාන්‍යයෙන් රටක ඩයස්පෝරාව යනු එරටේ මුළු ජනගහනයට සාපේක්ෂව ලොව පුරා විසිරී සිටින ජනයාය. එසේ ගත් කල ඩයස්පෝරාව මනින්නේ මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් හැටියටය. මේ සංඛ්‍යා විද්‍යාත්මක අර්ථකථනයට අනුව මීට වසර විස්සකට එපිටදී ලෝකයේ වැඩිම ඩයස්පෝරාව නිර්මාණය වූයේ ලෙබනනයෙනි. එහි අංක දෙකේ හිමිකරුවා වූයේ ලංකාවය. දැන් වාර්තා වන ආකාරයට ලංකාව නැවතත් ඉතිහාසයේ රවුමක් ගොස් පැමිණ සිටින්නේ එතැනටය. පසුගියදා කිසියම් වාර්තාවකින් කියැවුණේ ලංකාවෙන් පිට වීමට මං සොයන පිරිස ලක්ෂ හයක් පමණ වන බවය.

යුරෝපයට, ඇමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට, නවසීලත්නයට ආදී වශයෙන් මේ කෙරෙන විගමන උත්සාහයන්ට ඇත්තේ සමාජ ආර්ථික වශයෙන් මේ රටේ දිනෙන් දින උග්‍ර වන පීඩනය මිස අනෙකක් නොවේ. රටක ජනගහනයෙන් විශාල පංගුවක් මෙසේ විගමනයට මං සොයන්නේ නම් ඒ මවුබිම ගැන කවර කතා ද? අතීතය ගැන වාගාඩම්බර දොඩන පාලක පවුල් ද ද්විත්ව පුරවැසියන් හැටියට කකුල් දෙක දෙපැත්තේ තබාගෙන සිටීම තරම් තවත් සහතිකයක් ඊට නැත.

මේ තෙරපීම් වැඩි වෙද්දී මිනිසුන්ට අවශ්‍ය මොනවා ද යන්නත් ආණ්ඩුවම තීරණය කරමින් සිටී. වාමාංශික ආර්ථිකය යනුවෙන් වහරමින් මේ කරන්නේ ආණ්ඩුවට හිතවත් දේශපාලන ගජ මිතුරු සමාගමකට දොර හැරීම බව ඉතා පැහැදිලිය. එන්නතේ සිට සීනි හා ඖෂධ දක්වා ආසන්න කතන්දර ටික පමණක් එය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. කිරිපිටි, පිටි, ගෑස්, සිමෙන්ති ආදී වශයෙන් නැවතත් මිල ඉහළ දැමීමකට යාමට තීරණයක් ඇතැයි වාර්තා වේ. ජංගම දුරකතනය, අයිපෑඩය, පරිගණකය අත්‍යවශ්‍ය නොවන දේ හැටියට ගණන් හැදුවේ කවුද? අනෙක් අතට එය මේ වසංගත සමයේ අත්‍යවශ්‍යම සන්නිවේදනය වූ මාර්ගගත ක්‍රමය අවුරාලීමකි. එය ඍජුවම නැවත බලපාන්නේ කිසියම් හෝ ආකාරයකට අධ්‍යාපනයේ නියැලුණු අසරණ දරු දැරියන්ටය. සැබැවින්ම මේ වනවිට ආණ්ඩුවේ මේ මුලක් අගක් නැති වැඩවලින් පීඩාවට පත්ව සිටින්නෝ මෙරට අධ්‍යාපනය ලබන දරුවෝ පමණක් නොවේ. රාජ්‍ය උසස් අධ්‍යාපනයේ සීමා මායිම් නිසා එතෙර ගොස් සිටින දරුවෝ ද එහි ගොදුරක් වී සිටිති. මේ දරුවන්ගේ ඉඳුම් හිටුම් කෑම බීම ආදියට බොහෝ විට මුදල් සැපැයෙන්නේ ලංකාවේ වෙසෙන මවුපියන්ගෙනි. ලංකාවේ ආර්ථික අවුල අද වනවිට මේ පවුල්වලටත් විශාල වශයෙන් බලපෑම් කරමින් තිබේ. බැංකුවල ඩොලර් නැත. ඇතැම් තැන්වලින් කියන්නේ කළු කඩවලින් ඩොලර් හොයාගෙන එන්නටය. මේ නිසා මවුපියෝ මූලික ප්‍රශ්න දෙකකට මුහුණ දෙති. එකක් නම්, සිය දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඇස්තමේන්තු කළ මුදල දැන් ඊට ප්‍රමාණවත් නොවීමය. දෙවැන්න නම්, ඒ අධික විදේශ විනිමය වුව සොයා ගැනීමට නොහැකි වීමය.

රාජ්‍ය බදු ආදායම වැඩි කළ යුතු බවට වූ මූලික බර තැබීමට යහපාලන ආණ්ඩුව පැමිණියේ ආවාට ගියාට නොවේ. ගෝලීය මට්ටමේ පරීක්ෂකයන් කලක් තිස්සේ ශ්‍රී ලංකාව ගැන කළ පරීක්ෂණ එහිදී අපි සැලකිල්ලට ලක් කළෙමු. නිදසුනකට ලොව කීර්තිමත්ම සරසවියක් වන ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය සතුව ලොව පුරා රටවල ආර්ථිකයන් ගැන තියුණු පර් යේෂණ වැඩපිළිවෙළක් ඇත. ඔවුහු ශ්‍රී ලංකාව ගැන ද එවැනි පර් යේෂණවලින් පැමිණි නිගමන ඇත. 2015 වනවිට ලංකාවේ රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට තිබුණේ සියයට 10.5ට පමණ පහළ බැහැලාය. මුදල් ඇමැතිවරයා වශයෙන් මංගල සමරවීර මහතා සමග එක්ව කළ වෙනස්කම්වලින් මෙම පංගුව සියයට 13ට පමණ ඉහළට ගෙන එන්නට හැකි විය. එහෙත් වත්මන් ආණ්ඩුව මේ ගැන විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව බදු අඩු කිරීම සිය ප්‍රචාරණ යාන්ත්‍රණයේ ප්‍රධාන සටන් පාඨයක් කරගත්තේය. ඒ අනුව බලයට පැමිණෙන විටම විශාල වශයෙන් බදු කපාහැරීම්වලට ආණ්ඩුව යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ 2020 දී රුපියල් බිලියන 550ක් පමණ හෙවත් රාජ්‍ය ආදායමෙන් තුනෙන් පංගුවක් පමණ අහිමි වීමය. ආණ්ඩුවට සල්ලි තිබේ යැයි මුඛරි කතා කිව්වත් මේ ඇත්ත නව මුදල් ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ තම මංගල කතාවේදීම පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. උපකල්පනය කළ හැක්කේ එය දැන් සියයට 9කටවත් පහළ බැස ඇති බවය.

රටට මුදල් හිඟ වූ විට එක්කෝ ආයෝජන කළ යුතුය. නැත්නම් ණය ගත යුතුය. එහෙත් මේ සාර්ව ආර්ථික කළමනාකරණ නොමැතිව ඉබාගාතේ යන විට රටකට කිසිදු විසඳුමක් නැත. 2020 නොවැම්බරයේදී ෆිච් වර්ගීකරණයෙහි ලංකාව සිටියේ සීසීසී මට්ටමේය. 2021 අගෝස්තුවේ එස් ඇන්ඩ් පී වර්ගීකරණයේදී සීසීසී නෙගටිව් යන තැනට ලංකාව වැටුණි. ජුලි මාසය වනවිට ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 2.8 දක්වා පහළ වැටුණි. එහෙත් ඒ ජුලි මාසයේදීම බංගලාදේශ සංචිතය ඩොලර් බිලියන 44ක් වෙද්දී නේපාලය පවා ඩොලර් බිලයන 12ක සංචිත පවත්වාගෙන ගියේය. පාකිස්තාන සංචිතය ඩොලර් බිලියන 20ක් වෙද්දී ඉන්දියාවේ අගය 642කි. ඉතින් ලංකාව වැටී සිටින තැන ගැන තේරුම් ගැනීමට මේ අංක ටික වුව ප්‍රමාණවත්ය.

ආණ්ඩුව මේ වනවිට කොහෙන් හෝ සිඟමන් යැද ඉන්ධන ආනයනයට උත්සාහ කරමින් සිටී. ඛනිජ තෙල් සංස්ථාව පමණක් ගතහොත් ඩොලර් බිලියන 3.3ක් රාජ්‍ය බැංකුවලට ණයය. රටේ ජාතික ඉතිරියට වඩා මේ ණය පමණක් ගත්තත් අගයෙන් වැඩිය. එහෙත් මෙපමණ අගාධයකට වැටෙද්දීත් ඉන් ගොඩ ඒමට පාලකයන් අවංක වුවමනාවක් දරන බවක් පෙනෙන්නට ද නැත. මහ බැංකුව වැනි ආර්ථික මර්මස්ථානයක් දේශපාලකයකුට සින්නක්කරයට පැවැරීම ඊට හොඳම නිදසුනයි. බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියකු පත්කරද්දී අදාළ තැනැත්තාගේ නම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහ බැංකුවට යොමු කරනු ලැබේ. ධුරය ලැබෙන්නේ පුද්ගල ඉතිහාසය ආදිය පිළිබඳ සුදුසුකම් පරීක්ෂාවකින් පසුවය. ඒ මහ බැංකුවේ ප්‍රධාන ධුරයට කෙනකු පත්කරද්දී යෝජනාව හා පත්කිරීම අතරේ මේ අයුරින්ම සුදුසුකම් පරීක්ෂාවක් අවශ්‍ය නොවේ ද? වෘත්තීයවේදීන් යැයි කියන සමාජ කොටස් දැන්වත් මේවා ගැන කට ඇර කතා කළ යුතුය. අද වනවිට ලංකාවේ ආර්ථිකයෙහි තීරණාත්මක තීන්දු ගැනීම්වලට පාදක වී තිබෙන්නේ ආර්ථික විද්‍යාව නම් නොවේ. ගජමිතුරු කල්ලි හා ගැටගැසුණු අවිද්‍යාවකි. අයිස් කන්දේ තුඩුව මෙන් අපට තවමත් පෙනෙන්නේ අර්බුදයෙන් අතිශය කුඩා කලාපයක් පමණි. ආණ්ඩුව එය අවංකව ප්‍රකාශ නොකොට අයාලේ යන්නේ නම් සමාජ බලවේග හෝ පෙරට විත් මේ ගැන කතා කළ යුතු වේ. නැත්නම් ලංකාව තවත් එක් ග්‍රීසියක් වන දිනය වැඩි ඈතක නැත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (2)

ඉබාගාතේ ගමන්කරන ආර්ථිකයක්

රටහදමු ඩොට් කොම් Monday, 27 September 2021 12:26 PM

රටේ භෞතික පරිහානියට නායකයින්ගේ ආධ්‍යාත්මික පරිහානිය කෙසේ බලපානවා ද යන්න මෙම ලිපියෙන් වටහා ගත හැක. ආධ්‍යාත්මික පරිහානිය නිසා බොරු කීම, මිනිසුන් නොමඟ යැවීම, දූෂණ ආදිය සිදුකරන විට මිනිසුන් තුළ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටේ. එවිට සමඟිය බිඳ වැටේ. නායකයින්ගෙන් පටන් ගෙන සමාජයේ පහළ ස්ථර ද ක්‍රමක්‍රමයෙන් එසේ කඩා වැටේ. පුද්ගලයින් සහ කුඩා කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ තාවකාලික ලාභය වැඩි කර ගැනීමට කටයුතු කිරීම තුළින් රටක භෞතික අභිවෘද්ධිය ලබා ගත නොහැකිය. එබැවින් සමඟිය බිඳ වැටුණු විට එය තාවකාලික ලාභ ලබන නොලබන හැමෝගේම භෞතික පරිහානිය පිණිස හේතු වේ. එසේ රටේ භෞතික පරිහානිය සිදුවේ.

:       2       5

susil Monday, 27 September 2021 07:25 PM

කාගේත් කයිවාරුව විපක්ෂයේ ඉන්නකම් විතරයි. ආණ්ඩු කරන්න ගියාම බඩ යනවා.

:       4       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලිව්වේ ගුවන් විදුලියට
2024 මැයි මස 21 63 0

විසිවැනි සියවසේ සිංහල සාහිත්‍යය, විචාර කලාව හා නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල අභිවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් හා බුද්ධිමය සම්ප්‍රදානයක් ලබා දුන් ක


මවු භාෂාව ලජ්ජාවක්ද?
2024 මැයි මස 21 81 0

අප සතුව ඇති ප්‍රධානතම වංශ කතාව සහ ප්‍රමුඛතම සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශය දෙමළ බසට නැගීමේ භාරධූර කටයුත්ත මේ වන විට ආරම්භ වී තිබේ. කැලණිය විශ්ව


ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?
2024 මැයි මස 21 120 0

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිප


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
2024 මැයි මස 21 958 3

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අල


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 212 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 786 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2401 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2061 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site