IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රීලනිප දෙපිලේ තීරණාත්මක සාකච්ඡාවක්

 

(අජන්ත කුමාර අගලකඩ)  
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය විසින් පත් කරන ලද කමිටු දෙක මේ සති අන්තයේදී හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.  


ඒ අනුව එම සාකච්ඡාව ඊයේ (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත් කෙරී ඇති අතර, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුද එම කමිටුවට ඇතුළත්ව සිටිති.  


ඒකාබද්ධ පක්ෂය ද මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මහින්දයාපා අබේවර්ධන, සී.බී. රත්නායක යන මහත්වරු සහ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය එම කමිටුවේ සාමාජිකයෝ වෙති.   


එම කමිටු දෙක මේ සති අන්තයේදී පළමු වරට හමුවීමට නියමිතව ඇත.  පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා මාලාවක් ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයද ශ්‍රීලනිපය සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.  ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර ඇත.   


මේ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩබ්ලිව්.ඩී.​ෙජ්. සෙනෙවිරත්න යන මහත්වරුන්ද ඉකුත් බදාදා උදේ කොළඹ 07, විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපතිවරයා හමුවී සිය යෝජනාවලිය ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.   

 



අදහස් (0)

ශ්‍රීලනිප දෙපිලේ තීරණාත්මක සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site