IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්

(අජන්ත කුමාර අගලකඩ)  
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉකුත් බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එම ලිපිය ඉකුත් සිකුරාදා වනවිට සකස් කෙරෙමින් තිබූ අතර, එය මේ සතියේදී එකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයෙ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පක්ෂය තීරණය කර ඇත.  


ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂය සූදානම් බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස දන්වමින් මෙම ලිපිය යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.  


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමතරව, ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට හා ආසන සංවිධායකයින්ට ද මෙම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට නියමිතව ඇත.  පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ ද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ ද හා පක්ෂය සමග ඉදිරියට කටයුතු කිරීමට සූදානම් ද යන්න මෙමඟින් විමසීමක් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  


එම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉතා නුදුරේදීම පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ හිටපු හා දැනට සිටින පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් ද ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.  

 



අදහස් (0)

ශ්‍රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 538 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site