IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මහින්ද අගමැති

ජාතික ආණ්ඩුවෙන් සන්ධානය ඉවත් වෙයි

(ඡායාරූපය චන්දන පෙරේරා)

 

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (26) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරේදා පස්වරුවේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග හිටපු ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.  

යහපාලන ආණ්ඩුව සමග සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සියලු දෙනා පෙරේදා සන්ධ්‍යාවේ ජනාධිපති නිල නිවසට කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයට තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බව ප්‍රකාශ කළේය.  


ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ අතර, එම තීරණය සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් එවෙලේම කතානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දන්වනු ලැබීය.   


ඉන් සුළු මොහොතකට පසුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ද සමග ජනාධිපති කාර්යාලයට ගිය මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  


2015 ජනවාරි අටවැනිදා පැවැති ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තරග කර පරාජයට පත්විය.  
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 9 වැනිදා දිවුරුම් දුන්නේය.  


2005 වසරේ සිට 2015 ජනවාරි 9 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස වසර 10ක පමණ කාලයක් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වසර 30ක් තිස්සේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නේය.  


ජනාධිපති ධුරයට පත්වීමට පෙර 2004දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වැනිදා වන තෙක් අගමැතිවරයා ලෙස කටයුතු කළේය.  


1970 පැවැති මහ මැතිවරණයේදී ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු 1977 පැවැති මැතිවරණයෙන් පරාජයට පත්විය.  


1989 දී නැවත පාර්ලිමේන්තුවට තේරීපත්වූ රාජපක්ෂ මහතා 1994 පිහිටු වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ඇමැති ධුර කිහිපයක්ම හොබවා, පසුව විපක්ෂනායකවරයා ලෙස ද කටයුතු කළේය.   

 

 



අදහස් (0)

මහින්ද අගමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site