මැ:කෝ: තදින් හිටියි
(අජන්ත කුමාර අගලකඩ)
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන සැප්තැම්බර් මාසයේ නිලකාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාලන හා පළාත් සභා අැමැතිවරයාට ලිපියක් මගින් මේ බව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයටම හෝ අලුතින් සම්මත කරන ලද කොට්ඨාස ක්‍රමයට හෝ යන ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට පැවැත්විය හැකි බවත්, එම ඕනෑම ක්‍රමයකට පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවත්, එම ලිපිය මගින් දන්වා ඇතැයි වාර්තා වේ.
සබරගමුව - නැගෙනහිර හා උතුරු මැද යන පළාත් සභා තුනේ නිලකාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වූ අතර, මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිලකාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.
බස්නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකේ නිලකාලය ලබන අප්‍රේල් මාසයේද, ඌව පළාත් සභාවේ නිලකාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේද අවසන් වීමට නියමිතය.
මේ අතර. පළාත් සභා කීපයක ඡන්දය මේ වසරේ අගවනවිට පවත්න බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවෙන් හා සමස්ත ලංකා කාරක සභාවෙන් ඉල්ලීමක් ද කර තිබිණි. පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වය නිසා, පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක් රජයට යෝජනා කර ඇත.
2025 නොවැම්බර් මස 21
60
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1013
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ