IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


එජාප - ශ්‍රීලනිප ගිවිසුම දිගු කිරීමේ කතා බහ ළඟදීම

 

(උපුල් වික්‍රමසිංහ)
යහ පාලන ජාතික ආණ්ඩුවේ සම පාර්ශ්වකරුවන් ලෙස වසර දෙකක කාලයක් දක්වා කටයුතු කිරීමට අදාළව එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර අස්සන් තැබුණු ගිවිසුමෙහි කාලය එළැඹෙන අගෝස්තු මාසයේදී අවසන් වන බැවින් ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි නියෝජිතයන් පිරිසක් ඉදිරි කාලයේ මුණගැසීමට නියමිත බව දැනගන්නට ඇත.


ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කර ඇති කමිටුවේ නියෝජිතයන් මුණගැසී අදාළ ගිවිසුම ඉදිරි වසර දෙක හමාරක කාලය දක්වා (2020 වන තුරු) දීර්ඝ කරනවාද එසේත් නැතිනම් එය අහෝසි කර දමනවා ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.


එම කමිටුවේ සාමාජික එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් මේ ගැන කළ  විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඉකුත් සතියේ කමිටු සාමාජිකයන් මුණගැසී ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය කල් ගිය බවය. ළඟදීම දිනක දෙපිරිස හමුවන බවද පක්ෂ දෙක ගිවිසුමට තැබූ අස්සන්වලට වඩා අවබෝධයෙන් හා විශ්වාසයෙන් කටයුතු කිරීම වැදගත්ය යන්න එජාපයේ විශ්වාසය බවත්ය. එජාපය නියෝජනය කරමින් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරළ යන ඇමැතිවරුන් මේ සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත අතර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ඇමැතිවරු ශ්‍රීලනිපය නියෝජනය කරමින් ඊට සහභාගි වෙති. මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි සාමාජිකයන් මුණගැසීමට නියමිතව තිබුණත්, ඉකුත් දින කීපයේ රටට බලපෑ ආපදා තත්ත්වය නිසා එය කල් ගිය බවත් ඉදිරියේදී රැස්වී ඒ ගැන සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවත්ය.

 



අදහස් (0)

එජාප - ශ්‍රීලනිප ගිවිසුම දිගු කිරීමේ කතා බහ ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site