(ක.ග.කරුණාරත්න)
සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති.
මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල් විකිණීමෙන් ඉවත්වී ඇතිබව කියති.
සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවැතීම මෙයට හේතුව හේතුව බව එම සිල්ලර වෙළෙඳුන් සහ සමූපකාර සමිති ප‍්‍රධානීහු පෙන්වා දෙති.උදාහරණයක් ලෙස නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 94ක් 95ක් බවත් ලොකු,පොඩි කිසිම සහල් මෝලකින් ඒ මිලට හැර තමන්ට සහල් අලෙවි නොකරන බව ඒ වෙළෙඳුන් ප‍්‍රකාශ කළහ. එවැනි මිලකට සහල් මිලදීගෙන රජයේ පාලන මිලට සිල්ලරට සහල් අලෙවි කිරීමට හැකියාවක් නොමැති නිසා මේ තීරණයට එළඹි බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
මේ හේතුවෙන් අද(17) පොලොන්නරුවේ ඇඳිරි නීතිය යටතේ විවෘත කරතැබීමට අවසර තිබෙන සිල්ලර වෙළඳසැල්වල පවා රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට නොතිබූ බව පාරිභෝගිික ජනතාව පැවැසූහ.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිතවලට අයත් කිසිම ප‍්‍රාදේශිකයක මේ වනවිට සහල් විකිණීමට නොමැති බව පොලොන්නරුව දිස්ත‍්‍රික් සමූපකාර සමිති සංගමයේ සභාපති උපුල් අලහකෝ මහතා ප‍්‍රකාශ කලේය. සහල් තොග මිල සිල්ලර මිලට වඩා ඉහළ මට්ටමක පැවැතීම එයට හේතුව බවත් මේ තත්වය යටතේ සහල් සම්බන්‍ධයෙන් රජය පනවා තිබෙන පාලන මිල සිල්ලරට අලෙවි කිරීමේදී ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවද ඒ මහතා කීවේය. එම නිසා සහල් විකිණීම තාවකාලිකව නවතා දැමීමට සමූපකාර සමිති තීරණය කල බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
පොලොන්්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ.ධර්මසිරි මහතාගෙන් මේ පිළිබඳව අප කල විමසුමකදී ඒ මහතා කියා සිටියේ සහල් වැඩි මිලට විකිණීම සම්බන්‍ධයෙන් ලැබෙන පැමිණිලි පිලිබඳව නිරන්තර සොයා බැලීමක් කරන බවත් සහල් තොග නිකුත් කිරීමේදී පාලන මිලට වඩා වැඩියෙන් මිල නියම කර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙතෙක් අනාවරණය කරගෙන නැතැයිද ඒ මහතා කීය.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මේ වනවිට සහල් හිඟයක් පවතින බවට තමාටද තොරතුරු ලැබී තිබෙන බව දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැ !!! හිටන් ගේමක්වත් ගහනවාද? පිටිපස්සෙන් ගිහිල්ලා අනින්න දක්ෂයා . හමුදාව සතු සහල් අලවි කරන්න.
ඕක පොලොන්නරුවේ හබරලිය මුදලාලිගේ ගේම් එකක..., ඔවුන් විශාල ලෙස සහල් තොග සගවාගෙන ඉන්නවා. දැන් කරන්න තිබෙන්නේ පිටරටින් සහල් ගෙනත් අඩුවට මාසයක් දෙකක් විකිණීම... එතකොට ලොකු මුදලාලිලාටත් සහල් අඩුවට වෙළඳපලට නිකුත් කිරීම හැර වෙන විකල්පයක් නොමැත.
ලොකුම සහල මෝල් තිබෙන්නේ සිරිසේනලටලු නේද? ඒ මෝල් කාරයෝ රජයට සහයෝගය දැක්වීමක් වශයෙන් පාලන මිලට සහල් විකුනනේ නැද්ද? මහජනයාගෙන් නොමිලේ කෝටි ගණනක් වටිනා මන්දිරයක් ලැබුන කෙනා ආපසු මහජනයට යමක් දෙන්න කැමති නැද්ද?
හැමදාමත් පාරිභෝගිකයව හුරන්කාපු අතරමැදි මෝල් කාරයටයි, සිල්ලර මුදලාලිටයි වසංගතය නිසා අවුරුද්දේ දවස් කීපයකට පාඩු විදින්ට වෙනකොට කෙඳිරි ගානවා. අද කලයුත්තේ සෑම නගරයකම වෙළෙඳසල් කිහිපයක් රජයට පවරාගෙන ඒවායින් පාරිභෝගිකයින්ට සහල් බෙදාදීමට බල කිරීමයි.
අපි දන්නා විදියට සුදු කැකුළු සහල් සිල්ලර මිල රු. 80/= එහෙත් මම ඊයේ ගත්තේ සුදු කැකුළු 85/= රතු කැකුළු 88/= මම ඉන්නේ ගම්පහ -ඉඹුල්ගොඩ. කීරි සම්බා නම් 125/= පාලන මිල. සම්බා එකේ එකේ ගනන් වෙනස්. පුළුවන් මිලකට නියම කරනවා විනා අඩු මිලට දෙන්න කියල බල කරනකොට තත්වයෙන් බාල බඩු එලියට එන්න පටන් ගන්නවා. රජයට පාලනය කරන්න බැරි තරමට රටේ පුද්ගලික වෙළඳ ජාලය බලවත්. මැස්සෝ ඇහිරෙන සමුපකාරයෙන්වත් , පරණ බඩු විකුණන සතොසෙන්වත් වෙළඳාම පාලනය කරන්න බැහැ.
සහල් සදහා පාලන මිලක් තිබුණද? වී සදහා පාලන මිලක් නොමැති කමින් මෙසේ මිල වැඩිවෙවි.. සහල් සදහා පාලන මිල දැමීමෙදී වී මිල තොග මිල සහ සිල්ලර මිල වෙනවෙනම ප‍්‍රකාශ කිරීම ප‍්‍රායෝගික විසදුම වෙ...
හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ... කොහෙද හිටන් ?
ඔය සියලුම වී මෝල් වහාම රාජ සන්තක කර ඒවා ත්‍රිවිධ හමුදාවන්ට බාරදෙනු....
ගොයම් ගහක් වත් නැති මාලදිවයිනේ හාල් සිල්ලර මිල (ඉන්දියාවෙන් ගෙන්වූ සාමාන්‍ය හාල් ) රු. 58.00. අපේ රටේ වී නිෂ්පාදනය කරලත් රු. 100.00 ටත් උඩ.
ඉස්සර නම් සහල් ලොරි අටකට වැලි ලොරි එකක් සහල් ගබඩාවට ගියපු හැටි කියවුනා. දැන් වැලි දාගන්න බැරි නිසා හොර ව්‍යාපාරය ඇන හිටලා වගෙයි. සහෝදරයාගේ පුලුවන්කාරකමත් දැන් නැහැනේ. අනේ සංසාරේ !
ඔන්න සිරිසේන මහත්තයාගේ වාරේ... බලමු හාල් මිල කියලා අඩුකරවගන්න.
ඩඩ්ලිලගේ , ගම්ලත්ලගේ හාල් රු 98/- වත් දෙන්න බැහැ කීව වෙලාවේ යුධ හමුදාවෙන් මිල දී ගත් වී තොග ගැන හොඳින් එම හමුදා නිලධාරීතුමා විස්තර කළා. එම වී තොග කුඩා වී මෝල් හිමියන්ට නිකුත් කර හාල් ලබාගෙන පොළොන්නරුවේ සිල්ලර වෙළඳුන්ට පාලන මිලට දෙන්න. එතකොට මාෆියා කරුවන්ට දැනෙයි ඒ අයට ඉහළින් වැඩකළ හැකි පිරිසක් රටේ සිටින බව.
එහෙනම් හඳුනාගන්න...
කෝ අර පරණ ජනාධිපති...? බැරිද මොකක් හරි කරන්න? යකුනේ, පරාක්‍රමබාහු නිරිඳුන්ට නිගාදෙන්න එපා. මිනිසුන් අසරණ වෙලා පිඟන්, බාල්දි එල්ලගෙන සිඟමනේ එනවා...