( කාංචන කුමාර ආරියදාස)
තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග වසා විරෝධතාවයක නිරත වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට පොහොර ලොරි එනතුරා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල සිටිති.
රට තුළ කිසිදු පොහොර හිගයක් නොමැති බව බලධාරීන් පවසද්දී වැඩි වශයෙන් වගා කෙරෙන රජරට ප්‍රදේශවල ගොවීන් සිය ගොවි තැනට අවශ්‍ය පොහොර මිටියක් ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් මඩාටුගම ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහි සේවකයන් කාර්යාල තුල නිවාස අඩස්සියේ දමා ප්‍රධාන මාර්ගයට පැන ඔවුහු දැඩි විරෝධතාවයක නිරත වූහ.
වී වගාව සහ අතිරේක බෝග වගාව මෙන්ම මේ දිනවල දේශීය ලොකු ලූනු වගාවට අවශ්‍ය පොහොර නොමැතිකම නිසා දින ගණනාවක් තිස්සේ බලා සිට අවසානයේ දී ගොවීන් මෙම විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර දඹුල්ල ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනයට පවා බාධා එල්ල වුහ .පසුව කැකිරාව පොලිසියේ නිලධාරීන් පැමිණ ගොවීන් සමග උණුසුම් තත්ත්වයක් ද හටගෙන දැඩි අසීරුතාවයකට යුතුව මාර්ගය විවෘත කර ගැනීමට හැකිවිය .එමෙන්ම ගොවීන්ගේ නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි ගොවිජන සේවා නිලධාරීන් ද මුදවා ගැනීමට පොලීසිය මැදිහත් වූහ.
දඹුල්ල ප්‍රදේශයෙහි අතිරේක බෝග වගා ගොවීන් හා වී ගොවීන් අද(29) දින අලුයම 4.00 සිට පොහොර ලොරියක් එන බව ලද ආරංචියක් මත වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටියහ.
මෙම ගොවීන් කියා සිටින්නේ සහනාධාර ක්‍රමයකට නොව අත්පිට මුදලට සාධාරණ මිලක් යටතේ වෙළෙඳ පොළට පොහොර නිකුත් කළ හොත් මේ ආකාරයෙන් දුක් විඳීමට නොහැකි බවය. වරක් හෝ ලැබෙන පොහොර මිටිය අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන බවත් ඒවා ද ඇතැම් කළු කඩ හිමියන් වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණ ගොවි ආයතන වලට අලෙවි කරන බව ද ගොවීන් චෝදනා කරති.
සති ගණනාවක් තිස්සේ පොහොර මිටියක් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට සිදුව ඇති බවත් එහෙත් ඇතැම් අවස්ථාවල පොහොර නොමැතිව නැවත නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බව පෝලිමේ සිටි ගොවීන් පැවසූහ.
මෙරට වී වගාවට වතුර ලබාදීම සීමා කිරීම එළවළු සහ දේශීය ලොකු ලූනු වගාවට මෙන්ම වී වගාවට පොහොර ලබාදීම ප්‍රමාදකර කිරීම ආදී කරුණු කාරණා රැසක් පවතින බවත් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ගොවීහු චෝදනා කරති.
මේ දිනවල රට තුළ කිසිදු පොහොර හිගයක් නොමැති බව ජනමාධ්‍ය ඔස්සේ රජය ප්‍රකාශ කළ ද ගොවීන් කියා සිටින්නේ කොළඹ ප්‍රදේශයෙන් පිට පළාත්වලට යැවූ පොහොර තොග යම්කිසි පිරිසක් සඟවාගෙන මෙම හිගය මවා පාන්නේ ද යන්න සොයා බැලිය යුතු බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසන්න අපි තාම ආණ්ඩුව පටන්ගත්තා විතරයිනේ... අපේ සියලු අඩුපාඩු නැති කරගන්න ඊළඟ ඡන්දෙත් අපිටම දෙන්න... එතකොට වෙනස සැපට දැනෙයි..., බුද්ධිමත් ගොවියන්ට...
ආණ්ඩුවට කඩේ යන අයට මේවා ප්‍රවෘත්ති නෙමෙයි.
අපේ ගොවියන් අතරමං කළ හැටි...
අනේමන්දා ගෙවතු වගාවත් කරන්නලු.., ඒ මදිවට මිනිස්සුන්ගේ වාණිජ භෝග සඳහා මේ විදියට පෝර ගන්න කොරෝනා අස්සේ තෙරපෙන්න සැලැස්වීම නිලධාරින් සහ ඇමතිතුමාගේ නොහැකියාවද මන්දා? කෘෂිකර්මය අපේ රටේ කරන්න බැරිවෙලා එ්ක කරන්ටත් රට හැර යන්ට වෙයි වගේ...!!
ඇත්තටම කතා කලොත් අපි රටක් විදිහට හිතන විදිහ වෙනස් කරන්න කාලය ඇවිත්.. ගොවියා මේ විදිහට පොහොර ඉල්ලලා පාරට බහින්න හේතුව ඔවුන් අද වෙළෙඳ පොල හරියට හඳුනා නොගැනීමයි.. අද රටේ කාබනික පොහොර භාවිතා කල එළවළු පළතුරු වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා.. අපි ජාතියක් විදිහට පොහොර භාවිතය සම්පූර්ණයෙන් නතර කර අපේ පැරණි ගොවි ක්‍රම සඳහා යා යුතුයි. එයින් මීට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. යූරියා වගේ පොහොර භාවිතයෙන් පිළිකා සැදීමේ ප්‍රතිශතය 93% වැඩියි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. කිරිපිටි සහ පොහොර ආනයනය නවත්තන්න පුළුවන් නම් අපේ අයවැය හිඟය පියවරගන්න පුළුවන්. දුෂ්කරතා ඒවි.. අපි ඒවට එකමුතුව මුහුණ දෙමු...
පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න ඉස්සෙල්ලම ඡන්දයක් තියලා 2/3 බලය අවශ්‍ය වෙනවා.. නැතුව ඕවා කරන්න බැහැ...
කෝ අපේ දේශප්‍රේමී විමල්? පේන්නම නැහැ මේ දවස්වල... නිරෝධායනය වෙලාද? මට තාම අහනවා වගේ අර ඡන්ද වේදිකාවල කටපාඩම් වගේ කියාගෙන, කියාගෙන ගිය සහන මලු ලැයිස්තුව...
අර පසුගිය කාලයේ රට පාලනය කරපු ගොවිපුතා කියපු විදිහට කුඹුරුවල ගොවිතැන් කරන්න රසායනික පොහොර අවශ්‍ය නැහැ.. කුඹුරුවල තණකොළ හැදෙනවා නම් ගොයම් හැදෙන්නේ නැත්තේ මොකද ?
අනේ සර්, කෝ ඔයා නිකන් දෙනවා කිව්ව සහන පොහොර මල්ල? නිකන් තියා දැන් සල්ලි වලටත් නෑ..
මේ හොර ගොවියෝ... අපේ ජනාධිපති බොරු කරන්නේ නැහැ. මේ බොරුවට මෙහෙම හැසිරෙන්නේ... මේ රජය මොනතරම් නම් සහන දෙනවද? කුහක ගොවීන්. බොරු කාරයන්... රට කොයිතරම් නම් දියුණු වෙලාද, මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා..