IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය

( ඉන්දිකා රාමනායක )
 
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ   ප්‍රදේශ  11 කට  , හලාවත  පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රදේශ 7 කට  සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය  පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.  

පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ආණමඩුව, සාලිය වැව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, නොරොච්චෝලේ ,කල්පිටිය, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව

හලාවත පොලිස් බල ප්‍රදේශයේ ආරච්චිකට්ටුව, හලාවත, මාදම්පේ,  මාරවිල , වෙන්ප්පුව, කොස්වත්ත,දන්කොටුව 

සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශය ඇතුළුව පොලිස් බල ප්‍රදේශ 19 ට මෙලෙස ඇදිරිනීතිය පනවා තිබේ. 

 



අදහස් (9)

පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය

beau Wednesday, 18 March 2020 09:23 AM

මේ මොකද? ඉතාලියෙන් ආපු ඇත්තෝ මේ ප්‍රදේශයේ සැඟවී සිටිනවාද?

:       0       0

siri Wednesday, 18 March 2020 09:45 AM

ඇත්තටම මේ තත්වය මුළු රටටම බලපාන අන්දමට ක්‍රියාත්මක කළයුතු වෙලාවක් මේක. පළවෙනි කොරෝනා ආසාධිතයා දැනගන්නට ලැබුණු අවස්ථාවේ ගුවන් තොටුපල සහ වරාය වසාදම්මා නම් අද අපි මුහුණදෙන තත්වය බොහෝ වශයෙන් අවම කරගන්නට තිබුණා. කොහෙද අපි ඉතින් කවදාවත් ඉගෙන ගන්න ජාතියක් නෙවේනේ... රටට හෙණ ගැහුවත් ඡන්දයක් තියල තුනෙන් දෙක ගන්න ඕනෑමයි කියන මිනිස්සුනේ මේ රටේ ඉන්නේ...

:       0       194

පිටිගල මිලානෝ Wednesday, 18 March 2020 09:51 AM

තක්කාලි සහ ඔලිව් වතුවල වැඩට ඉතාලි ආව වෙන්නප්පු, හලාවත සහ කල්පිටියේ සෙට් එකක්ම හොරෙන් පැනලා තියෙනවලු.

:       234       252

ගොඩයා Wednesday, 18 March 2020 09:52 AM

මේක නම් ඉතාමත් වටින තීරණයක්... අපේ රටේ ඉන්න ගොඩක් අයට මේ වයිරසය ව්‍යාප්තවීම කොච්චර භයානක අන්දමින් වෙනවද කියල තේරුම් කරන්න අමාරුයි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අතරමගදී නවත්තලා රට බොහෝ පාඩු විඳගෙන රාජ්‍ය සහ පුද්ගලික ආයතන නිවාඩු දිලා තියන්නේ මොඩයින් වගේ රට වටේ යන්න, පාටිදාන්න නෙවෙයි. මගෙ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඔයාලා හැම දෙනෙක්ම අඩුම ගානේ ඔයාලගෙ දරුවන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ගැන හිතලාවත් ගෙවල්වල ඉන්න...

:       0       12

Champa Wednesday, 18 March 2020 10:41 AM

ආණ්ඩුවට කිසි සැලැස්මක් නැතිබවයි මේකෙනුත් පේන්නේ... ලොක්ඩවුන් කරන්න හේතුවක් නැහැයි කියපු ජනාධිපතිම දැන් ඇඳිරි නීතිය දානවා. පවිත්‍රා කිව්වා ලංකාවම ලොක් ඩවුන් කරන්න බැහැ හුඟක් මිනිස්සු එදා වේල හොයන කන මිනිස්සු හින්දා කියලා. දැන් ඇඳිරි නීතිය දැම්මාම එදා වේල හොයන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ..? ජනාධිපති සහ ආණ්ඩුව ඉතාම වගකීම් විරහිතව හැසිරෙන්නේ... මේක මේ ත්‍රස්තවාදයක් වගේ දෙයක් විදිහට සලකලා නෙමෙයි මානුෂික පැත්ත ගැන බලලා තීරණ ගන්න ඕනේ වෙලාවක්. ජනාධිපති රුපියල් බිලියන් 10ක් අතේ තියන් ඉන්නවා ඡන්දෙට... ආසියානු බැංකුව ඩොලර් ලක්ෂ 6ක් දුන්නා කොරෝනාවෙන් මිනිස්සු ආරක්ෂා කරන්න. තව දැන් චීනෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකුත් අත්සන් කරලා... කොරෝනා වලින් මිනිස්සුන්ව බේරාගන්න නම් මිනිස්සුන්ට ගෙවල්වල ඉන්න පුළුවන් විදිහට සහන දෙන ක්‍රමයක් සහ රස්සාවල් කරන මිනිස්සුන්ට ගෙදර ඉන්න කාලෙත් මුළු වැටුපම ගන්න පුළුවන් විදිහට හාම්පුතුන්ටත් ව්‍යාපාර සහන ක්‍රමයක් හදන්න ඕනේ. මාස 3ක් උඩ බලන් ඉඳපු ජනාධිපති දැන් එකපාරට තක්කු මුක්කු වෙලා ඇඳිරි නීතිය දානවා...

:       46       183

මුණසිංහWednesday, 18 March 2020 12:20 PM

අාණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙල ප්‍රශංසනීයයි. මෝඩ රැලක් නිසා තමයි අැඳිරි නීතිය පනවන්නට වෙලා තිබෙන්නේ... අනෙක දවස් කුලියට වැඩ කරන අයට මාස් පඩි දෙන්නේ ඔයාද?

:       39       90

AkilaWednesday, 18 March 2020 01:21 PM

හැමතැනම ආණ්ඩුව කලේ අශ්වයා පැනලා ගියාට පසු ඉස්තාලේ වහපු එක.., මේම වයිරසයේ ව්‍යාප්තියේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනේ...

:       106       45

dilanWednesday, 18 March 2020 01:31 PM

ඕනෑවට වඩා කුහකවෙන්න එපා සහෝදරයා.., ආණ්ඩුව අරගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න.

:       19       110

ප්‍රීති Wednesday, 18 March 2020 08:07 PM

ඉතාලිය තුළ මේ සිදුවෙමින් පවතින තත්වය තුළ, අනාගතයේදී, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මුහුණ පාන්නට සිදුවෙන ඛේදවාචකය ගැන සිතා ඔවුන් සතුව ලංකාවේ තිබෙන දේපළ කොල්ලකෑමේ අරමුණෙන්ම සමහර වෙන්නප්පුවේ පිරිමි ලංකාවට පැමිණි බවත් ආරංචියි. කූඨලේඛන හැදීමට ප්‍රසිද්ධියක් ලබන නීතීඥයින් ලඟින් ඇසුරු කරන මොවුන් හට, දෛවයේ සරදමින් බාගෙට කොරෝනා වලන් දීඇති නිසා මේ මොහොතේ ඔවුන්ගේ නිවෙස් තුළ සැඟවී සිටින බවත් ආරංචියි. අම්මෝ මෙහෙමත් මිනිස්සු...

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site