IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුත්තලම පොදු වෙළදපොළ - මත්ස්‍ය අලේවිසැල් සියල්ලම වසා දමයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම මධ්‍යම පොදු වෙළද සැල ,මත්ස්‍ය අලේවි සැල් සේම , මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවත් දැමිමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු  ප්‍රනාන්දු මහතා ( 11 ) කටයුතු කෙරුණී .
 
අද (11 ) දින ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග පුත්තලම නගරයේ මධ්‍යම පොදු වෙළද සැල් හා , මත්ස්‍ය අලේවි සැල් හා දිනපතා එළවළු හා පළතුරු අලේවි සැල් සියල්ලම විවෘත විමත් සමග ජනතාව විශාල ලෙස එක් විමත් සමග වහාම එය වැලැක්විම සදහා මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.
 
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ මහතාගේ මෙහෙය විමේන් පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වන ධනංජය මනෝජ් ., හා  අසංක නාමල් යන මහත්වරුන් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් අදාල කටයුතු සදහා එක්වි තිබුණි.
 
දිනපතා වෙළද පොල තුළ වෙළදුන් ඉවත් කලද එම වෙළදුන්ට වෙනත් ස්ථාන වල ජනතාව රැස් නොවන ආකාරයට වෙළදාම් කිරිමටද අවස්ථාව ඇති බව මෙහිදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙළදාම් කල පිරිස් දැනුවත් කිරිමද සිදුවිණි .

 



අදහස් (2)

පුත්තලම පොදු වෙළදපොළ - මත්ස්‍ය අලේවිසැල් සියල්ලම වසා දමයි

Champa Monday, 11 May 2020 02:12 PM

ඇත්තම කිව්වොත් හිනහත් යනවා. කඩ අරින්න කියනව. ඊට පස්සේ මිනිස්සු බඩු ගන්න ආවහම වහන්න කියනව. දැන් එතකොට කඩ අරින්න කිව්වේ මොකොටද? ඇඳිරි නීතිය දාල තිබිල අයින් කලහම මිනිස්සු බඩු ගන්න පාරට එනවා කියලා තේරෙන්නේ නැති කාර්ය සාධක බලකාය සහ කොරෝනා ලේකම් කෙනෙක් මේ රටේ ඉන්නේ. කොරෝනා අවදානම දැන දැනම මිනිස්සු බඩු ගන්න පාරට එන්නේ ගෙවල් වල කන්න දෙයක් නැතුව ඇති හින්ද කියල හිතෙන්නේ නැතුව ඇති... කොරෝනා ලේකම් කාර්යාලයට. අනිත් අතට කිසි පිළිවෙලක් නැතුව ඇඳිරි නීතිය දානවා. ඊට පස්සේ ආපහු වෙනස් කරනවා නිසා මිනිස්සු හිතනවා ඇති තමන්ට අවශ්‍ය භාණ්ඩ ටිකක් වැඩිපුර හරි ගෙදර ගිහින් තියාගන්න. ආණ්ඩුව තනිකරම අනාගෙන තියෙන්නේ...

:       63       180

indikaTuesday, 12 May 2020 04:52 AM

මෝඩ කතා කියන්න එපා. හැම වෙලාවේම කිව්වේ ගොඩගොඩ රැස්වෙන්න එපා කියලයි. මිනිසුන්ටත් වගකීමක් තියෙනවා පොඩ්ඩක් හිතන්න මේ වගේ තැනකට එනකොට. හැමදේටම පාලකයින්ට බනින්න එපා. යම්කිසි දවසක අපි අරින්න ඕනේ. එ්කට පෙරමං සලසනකොට මෝඩයන් වගේ හැසුරුණා නම් තව කල්යනවා. හැමදේකටම කියවන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site