( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝගී තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මාලදිවයින ගුවන් සේවයට අයත් කිව්.26351 දරන එම විශේෂ ගුවන් යානය අද 17 දින රාත්‍රී 7.30 ට තායිලන්තයේ , බැංකොක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ සිටි මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 70 ක් වූ අතර , එම 70 දෙනාම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් වූහ.
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු ආදිය ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරිණි .
මෙම ගුවන් මගීන් වෙත කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි , ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන්නට විය .
පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා , ඔවුන් සතු විශේෂ බස් රථ යොදා ගනිමින් රැගෙන ගියහ .
මෙම ගුවන් මගීන් රැගෙන පැමිණි මාලදිවයින ගුවන් සේවයට අයත් ගුවන් යානය , යානයට අවශ්‍ය ඉන්ධන ද මාලේ ගුවන් තොටුපළ වෙත රැගෙන යෑමට භාණ්ඩ තොගයක් ද පටවා ගැනීමෙන් අනතුරුව රාත්‍රී 10.00 ට පමණ මාලේ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය .
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්තයේ සිරවී සිටි ලාංකිකයින් 70 ක් ලංකාවට