සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ගාල්ල දිසාවේ පළාත් පාලන ආයතන විස්සක් වෙත රුපියල් එක් කෝටි විසි හත් ලක්ෂක මුදලක් ලබාදී ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 40 ක්ද හික්කඩුව නගර සභාවට රුපියල් ලක්ෂ 50 ක්ද බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක්ද ඉතිරි ප්‍රාදේශීය සභා දහ හතට රුපියල් ලක්ෂ 10 බැගින්ද ලබා දුන් බවද පල්ලියගුරුගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.