IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මොවුන් අද (14) උදෑසන 9.00ට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයෙන් යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර අද (14) උදෑසන 7.00ට පමණ වනවිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

දියතලාව සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත්, මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.

ඒ අතර මෙසේ ගුවන් මගීන්ට පිවිසීමට තහනම් රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල් 08ද එක් කර ඇති අතර, එම තහනම අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



අදහස් (13)

කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට

පිටිගල මිලානෝ Saturday, 14 March 2020 06:40 AM

තාවකාලිකව කිසිම රටකින් ලංකාවට ඇතුල් වෙන්න දෙන්න එපා.

:       1       63

Samitha Senaka Aluthgamage. Saturday, 14 March 2020 06:57 AM

මේ සංචාරකයින්ට ලෙඩේ වැළඳී ඇත්තේ රට තුළදී බවයි පේන්නේ... ඒක සිදුවූයේ කෙසේද?

:       83       205

හේරත් Saturday, 14 March 2020 07:36 AM

රටවැසියෙකු ලෙස ආඩම්බර විය හැකි අවස්ථාවක්...! අපේ රටේ තිබෙන මහත්මා ගතිය ආරක්ෂා කළ අවස්ථාවක්... අපේ රටට සංචාරය කිරිමට පැමිණි අයට කෘතගුණ දැක්විමක්... ලෝකයට මානුෂීය පණිවිඩයක්... මෙවැනි තීන්දු තීරණ ගන්න සියලුම දෙනාට හිස නමා ගරු කරමි. ස්තුතියි.

:       386       333

BamunuarachchiSaturday, 14 March 2020 08:33 AM

විකාර දොඩවන්නේ නැතුව ඉන්න...

:       11       56

එන් සි පෙරේරාSaturday, 14 March 2020 04:04 PM

මට තේරෙන හැටියට නම් මේ අදහස විකාරයක් නොවේ..! මේ විදේශිකයින් නවතාගෙන ප්‍රතිකාර කිරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක්... විවිධ රටවල ඉන්න ලාංකිකයින් ලංකාවට එවන්න ඒ රටවල් තීරණය කළොත් කුමක් වෙයිද? මෙහිදී ගෝලීය අරබුදයකදී අප පරිණත රටක් ලෙස ක්‍රියා කර ඇති බව මගේ හැඟීමයි.

:       0       0

Daniel Saturday, 14 March 2020 07:52 AM

මීට කලින් චීන කාන්තාවක් මෙලෙස නිරෝධායනය කළා. ගුවන් තොටුපළට ආපු අයට තමන්ගේ රටට යන්න දෙන්න.

:       72       40

කොරෝනාSaturday, 14 March 2020 08:49 AM

මෙයාලා ආපහු යන්න ගියා නම් තවත් අයට ගුවන් යානය තුළදී බෝවෙන්න ඉඩ තිබුණා කියලා හිතන්න ඔබට මොලයක් නැති වීම පිළිබඳව මාගේ බලවත් කණගාටුව..

:       1       107

saraSaturday, 14 March 2020 09:33 AM

ඉන්දියාවට යවන්න කට්ටියම...

:       42       123

Akila Saturday, 14 March 2020 07:54 AM

සියල්ලෝම අයි.ඩී.එච්. යවන නිසා එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට අර අපේ රටේ පුද්ගලයෙක් නිර්මාණය කළ නැනෝ තාක්ෂණයෙන් අවට පරිසරයේ වයිරස් විනාශ කරන යන්ත්‍රය එහෙ සවිකළොත් නරකද? එයාර්පෝර්ට් එකට නම් එ්ක වැඩක් නැහැ...

:       2       26

සංජීව Saturday, 14 March 2020 08:36 AM

රටේ පාසල්, උපකාරක පන්ති, විශ්ව විද්‍යාල වහලා හදිසි තත්ත්වයක් තියෙද්දිත් මොන මඟුලකටද මේ පිටරට වසංගතවලට ලංකාවට එන්න දුන්නේ?

:       156       155

ravi Saturday, 14 March 2020 10:29 AM

බඩේ කුඩු තියනවද කියලත් පරීක්ෂා කරලා බලන්න.. දැන් හුඟක් අපේ රටට එන්නේ යන්නේ කුඩු මුදලාලිලානේ...

:       1       23

sas Saturday, 14 March 2020 11:29 AM

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් ගුවන් මගීන්ට පිවිසීමට තහනම් ලෙස මීට දින කිහිපයකට පෙර දන්වා තිබියදී අද 1631 ක් එම රටවලින් ලංකාවට ආවේ කෙසේද?

:       7       0

chandra - naapoli Saturday, 14 March 2020 02:22 PM

ඉතාලියේ අයව මාෆියා සංවිධානයක් මගින් ලංකාවට එන්න උදව් කරලා තියෙන්නේ. ඒවාට මාෆියා සල්ලි ගන්නවා. නැවත ඉතාලියට ආපුවාම මාස 3න් පස්සේ මාෆියාවට ඒ ගාස්තුව ගෙවන්න ඕනෑ. මුදල් ගෙවීම පැහැර හැරියොත්.." කිරිස්..." බෙල්ල කැපුවා.. බස් එකේදී...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site