IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල

(ඩයනා උදයංගනී)

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (12)

කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල

jaya Saturday, 14 March 2020 08:03 AM

රෝහල්වලට ඇතුළත් කරගන්න ක්‍රමවේදය වෙනස් කළ යුතුයි 1. කොරෝනා සැක කරනවා නම් රෝහලට පැමිණීමට පෙර දැනුම්දී isolated area එකක් මාර්ගයෙන් රෝගියාව ඇතුළත් කරගත යුතුයි. 2. අත සේදීමට අමතරව මොබයිල් ෆෝන් නිතරම මුහුණට ළං කර ගන්නා බැවින් එය විෂබීජහරණයට හෝ භාවිතයේ වෙනසක් ඇති කළ යුතුයි.

:       1       90

විජිත්Saturday, 14 March 2020 01:21 PM

ඔව් ජයා මල්ලි, ස්මාර්ට් ෆෝන් වල " තිරයේ " මතුපිට පැය 7 ක් ජීවත්වීමට මේ කොරෝන වයිරසයට හැකියාව තිබෙන බව දැන් සොයාගෙන තියෙනවා. ඒ නිසා දිනකට වරක්වත් නිෂ්පාදකයින් අනුමත කල ඇල්කොහොල් අඩංගු ටිෂු එකකින් ස්මාර්ට් ෆෝන් ස්ක්‍රීන් එක පිසදැමීම සෞඛ්‍යයට හිතකරයි.

:       0       2

කොරෝනා Saturday, 14 March 2020 09:58 AM

දැනට තහවුරු කරගත් රෝගීන් ගණන 7යි...

:       1       8

manavi Saturday, 14 March 2020 10:36 AM

ජයා මහත්මයාගේ අදහස ඉතාමත් අගය කරන අතර, මෙහි අදහස් පලකරන බද්රානි නැමැති කාන්තාවගේ, වෛරී අදහස් පිළිකුලෙන් හෙළා දකිමි. තම තමන්ගේ පෞද්ගලික කෝන්තර අමතක කර සැමදෙනා වෙතම කරුණාවෙන්, මෛත්‍රී සිතින් අදහස් පල කරන්නේ නම් මැනවියි සිතමි. ස්තුතියි...

:       2       56

samareSaturday, 14 March 2020 02:14 PM

භද්‍රානිටත් වැඩිය කටක් ඇති අලුත් කෙනෙක් මේ පිටුවට ඇවිත් ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ මේ පිටුවට කඩා වැදුණු පොහොට්ටුවේ ගෝත්‍රික වහල් කාන්තාවක් තමයි චම්පා කියන්නේ. එයා කොහොමද දන්නේ නැහැ ඩුබායි වල අරාබි කාරයාගේ ගෙදර ජීවත් වෙන්නේ..?

:       0       0

තුෂා Saturday, 14 March 2020 12:19 PM

කොරෝනා හෙවත් කෝවිඩ් 19 වයිරසය ගැන අනවශ්‍ය බියක් ඇති නොකර, හැමදෙනාම තම තමන්ගේ යහපත් සහ නිවැරදි සෞඛ්‍යමය පුරුදු පවත්වාගෙන යාම වැදගත්... අපි වෙසෙන බටහිර රටවල... දුරකථන මැසේජ්වලින් හැම පුරවැසියන්ටම කළයුතු සහ නොකළ යුතු දේවල් ගැන පූර්ව දැනුම්දීමක් කරනවා. ඩොක්ටර් සර්ජරි එකට හෝ රෝහල්වලට නොයා ඔවුන් දී තිබෙන විශේෂ දුරකථන අංකවලට කතා කරන්න කියලා. රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පමණක්... සමහරු සැකයක් තිබේ නම් තනි කැමැත්තෙන්ම "හුදකලා" වී අවශ්‍ය පියවරවල් ගනිමින් සිටිනවා. රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම ගැන හැමදෙනාම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා...

:       0       0

රජින්ද Saturday, 14 March 2020 01:01 PM

රජය මේ ගැන ටිකක් තදින් සොයා බැලිය යුතුයි. මගේ කාර්යාලයේ විතරක් 300කට වඩා සේවකයින් එකම තැනක රාජකාරි කරනවා. ඔවුන් විවිධ තැන්වල ඉඳන් එන අය... අනික් රටවල වගේ ඇයි ලංකාවේ දවස් 14ක් මුළු රටම වසා දමන්නේ නැත්තේ...? තව කී දෙනෙක්ට බෝ වෙනකල්ද බලාගෙන ඉන්නේ...?

:       0       0

ranjith Saturday, 14 March 2020 01:56 PM

සෙනඟ රැස්වන එක වළක්වන්න අරන් තියෙන පියවර අගේ කළ යුතුයි.. එසේවුවත් තවමත් පිටරටවල සිටින වෛද්‍ය උපාධිධාරීන්ට කොළඹ වැල්ලවත්ත සිග්මා ආයතනය ආදී ප්‍රදේශවල පවත්වන පන්ති නතරකර නැත. මේක ලොකු අවදානමක් නේද? මෙම පන්ති පවත්වන දොස්තර මහතුන් මේ ගැන අවධානය ගත යුතුයි...

:       0       0

Anuruddha Saturday, 14 March 2020 02:47 PM

ගම්මන්පිළ හා වීරවංශ මහතාගේ කතා මේ දවස්වල ඇහෙන්නේ නෑ. ඒක හරිම පාඩුයි.

:       0       0

Nimal Saturday, 14 March 2020 04:32 PM

අන්තිමට අපි කාටත් පිහිටට හිටියේ, වැඩි දෙනෙක් බණින අපේ රටේ වෛද්‍යවරුන් හා රණවිරුවන් තමයි. ඔවුන් අතින් වන සමහර සුළු අඩුපාඩු පවා ඉතාම ලොකු දේවල් ලෙස පෙන්වා ඉතා නින්දිත ලෙස බනිනු දැක ඇත්තෙමි. නමුත් ඔවුන් කරන මෙවන් සේවාවන් අගය කරන්නට කවුරුවත් නැත.

:       0       0

බද්රානි Saturday, 14 March 2020 05:02 PM

කොරෝනා වලට කුලප්පු වූ ඉතාලියේ සිටි මෝඩරැල මුළු ලංකාවම විනාශ කළා. විශේෂයෙන් පහුගිය සති දෙක තුළ ඉතාලියේ සිට පැමිණ සිටින වෙන්නප්පුවේ නූගත් ජනතාව කෙරෙහි රජයේ හා ප්‍රදේශය භාර පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

Sagsrika weerasingha Sunday, 15 March 2020 10:18 AM

රටෙි ඇති වී තිබෙන තත්වයට එකම විසඳුම සියලු දෙවල් සති දෙකක්වත් නවත්තන එක පුද්ගලික රජයේ ආයතන, ප්‍රවාහන සේවය ගුවන් ගමන් දුම්රිය, සේවා සියලු දේවල් ටිකක්වත් පාලනය කරගන්න පුළුවන්.. කට කතා බොරු.. මාධ්‍ය සංදර්ශන නවත්තලා එකට එකතු වෙලා වැඩකටයුතු කරන්න ඕනෑ වෙලාවක්.. මොන රජයක් වුණත් ⁣කරන දෙවල්වලට විරුද්ධ නොවී එ්වාට සහාය වෙලා වැඩ කරන්න ජනතාව දැනගන්න ඕනෑ. මඩ ප්‍රචාරණ සමාජ මාධ්‍ය හරහා ගෙනියන්නේ නැතිව හරි දේ හරි විදියට කරන්න මේ වෙලාවේ... ඇති වි තිබෙන තත්ත්වය තවත් වර්ධනය නොකර රට රැකගැනීමට අපි හැකි සෑමවිටම උත්සාහ කරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි
2025 පෙබරවාරි මස 16 1217 0

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
2025 පෙබරවාරි මස 16 970 1

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 2586 20

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 17822 52

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්‍යත්ව හපනා
2025 පෙබරවාරි මස 13 2211 4

පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන්


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 1906 29

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 273 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 971 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site