නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු දේශසීමා නැවත විවෘත කෙරෙන්නේ ලබන වසරේදී යැයි ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ අමාත්‍ය සිමන් බර්මින්හැම් අද (17) පැවැසීය.
කෙසේ නමුත් සිසුන්ට සහ දීර්ඝකාලීන සංචාරකයන්ට රටට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බව ද හෙතෙම කීය.
ඔස්ට්‍රේලියාව නව කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස සැලකෙයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලොව බොහෝ රටවලට කලින් ගුවන් තොටුපොළ ඇතුළු රටට ඇතුළු වන ස්ථාන වසා දැමූ අතර සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නැයි රට වැසියන්ට නියෝගය කළේය.
නැවත රටට පැමිණෙන සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියකු අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර සංචාරකයන්ට රට විවෘත කරන්නේ නැති බව සඳහන් කළ හෙතෙම සිසුන්ට සහ දීර්ඝකාලයක් රටේ සිටීමට බලාපොරොත්තු වන සංචාරකයන්ට රටට ඇතුළු වීමට ඉඩ දෙන බව ද කීය. ඔවුන් සියලු දෙනා ද අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරේ.
ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම එරට විශ්වවිද්‍යාලවලට විශාල ප්‍රතිලාභයක් අත්පත් කරදෙනු ඇත. කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වසා දැමුණු අතර මේ හේතුවෙන් එරටට විශාල ආදායමක් අහිමි විය. ඔස්ට්‍රේලියාව යනු ජාත්‍යන්තර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයකි. ඔස්ට්‍රේලියාවේ සිවුවැනි විශාලම විදෙස් විනිමය උපයන ක්ෂේත්‍රය වන්නේ එරට ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයයි. ලොව රටවල් රැසක් සිසුහු සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාගැනීම සඳහා වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙති. මෙම ක්ෂේත්‍රයෙන් ඔස්ට්‍රේලියාව වසරකට උපයන ආදායම ඔස්ට්‍රේලියානු ඩොරල් බිලියන 38 (ඇමෙරිකානු ඩොලර් බිලියන 26.14)කි.
ඔස්ට්‍රේලියාවෙන් අද (17) වනවිට වාර්තා වී තිබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 7,370ක් වූ අතර එරටින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත මරණ ගණන 102ක් විය.
මසකට පසු දිනක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (17) වාර්තා විය. එම කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි. වික්ටෝරියා ප්‍රාන්තය යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය යි.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයන් 21 දෙනකු වාර්තා වී තිබූ අතර ඔවුන්ගෙන් 15 දෙනකු විදෙස් ගතව සිට පැමිණි අය වූහ.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් රටවල් විශාල වශයෙන් මුදල් විශ්ව විද්‍යාල වලින් උපයන කොට ලංකාවේ ඉන්න කුහකත්වය සපිරි කට්ටිය හැමවිටම කරන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරෝධතාව දැක්වීමත් සටන් කිරීමට පෙල ගැසීම පමණයි..
මම ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ... මෙහෙ තත්වය නරක් වේගෙන එනවා වගෙයි.. කව්රුවත් මුඛ ආවරණ දාන්නේ නැහැ. ඒ අතින් ලංකාවේ පාලනය වූ හැටි ඉතා හොඳයි. ජනපතිට මල් පොහොට්ටුවක් දෙන්න ඕනෑ.
ලොව රටවල් රැසක් සිසුහු සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාගැනීම සඳහා වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පැමිණෙති. මෙම ක්ෂේත්‍රයෙන් ඕස්ට්‍රේලියාව වසරකට උපයන ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 38 (ඇමෙරිකානු ඩොලර් බිලියන 26.14)කි. ලංකාවේ අධ්‍යාපනයට හෙන ගැහිලා තියෙන්නේ කුරුටු ගාන අය සහ ජෙප්පන් අැලීගෙන ඉන්න නිසා. නිදහස් (පිනට දෙන) අධ්‍යාපනේ කියන එක නැතිනම් ඔවුන්ගේ පැවැත්මකුත් නැහැ.