( ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 163 ක පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දිනකටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.
මෙම ගුවන් මගීන් 163 දෙනා සමඟ කුඩා දරුවන් තිදෙනෙකු ද පැමිණ තිබූ අතර ඒ අනුව මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 166 ක් පැමිණ තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සඳහන් කළේය .
ඔවුන් අතර ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙන්ම , ඉන්දියාවේ වැඩිදුර හමුදා පුහුණුව සඳහා ගොස් සිටි හමුදා නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට කොටු වී සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර වූහ.
මේ සියලු දෙනා අද පස්වරු 2.30 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම පිරිස පැමිණි ගුවන් යානය මෙන්ම මෙම ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය ද විශබීජ හරණයට ලක් කෙරුණි.
එමෙන්ම මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම ගුවන් තොටුපළ තුළට පිවිසීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස විසින් විශබීජ හරණය කිරීම සිදු කෙරුණි.
ඉන්පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 100° ට වඩා වැඩි මට්ටමක පවතී ද යන්න ගුවන් තොටුපළ තුළ ඇති ස්වයංක්‍රීය උෂ්ණත්වමාන යන්ත්‍ර මගින් නිරීක්ෂණය කෙරුණි.
ඊට අමතරව මොවුන් තුළ කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීමක්ද සිදු කෙරුණි.
මෙම ගුවන් මගීන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මගින් රැගෙන යෑම සිදු කෙරුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd