මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවීමත් සමඟ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට මුම්බායි නගර බලධාරීහු පියවර ගෙන ඇත.
එම ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (8) වනවිට 1,078ක් ලෙස දැක්විණි.
‘‘සෑම පුද්ගලයකුම මුඛ ආවරණ පළඳින්න ඕනෑ. එය අනිවාර්ය’’ යැයි මුම්බායි නගර කොමසාරිස් ප්‍රවීන් පර්දේශී පැවැසීය. මුම්බායි නුවර යනු ඉන්දියාවේ වාණිජ අගනුවර වන අතර මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කළ ඉන්දියාවේ පළමු නගරයයි.

ඖෂධහල්වල තිබෙන සම්මත මුඛ ආවරණ නොමැති නම් නිවසේදී සාදා ගන්නා මුඛ ආවරණය පැළැඳිය හැකි යැයි ද මුම්බායි නගර කොමසාරිස්වරයා කීය.
මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වැනි වගන්තිය යටතේ දඬුවම් කරන බව ද හෙතෙම කීය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව දින 21 කට රටම වසා දැමීය. ඒ අනුව රටම වසා දැමීමේ එම ‘ලොක්ඩවුන්’ සීමා අප්‍රේල් 14 වැනිදායින් අවසන් වීමට නියමිතය.
‘‘මුම්බායි නුවරින් වාර්තාවන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙනවා . අඟහරුවාදා රාත්‍රියෙන් වාර්තා වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 100ක් වාර්තා වුණා’’ යැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා නම් කිව්වේ මුඛවාඩම් පැළදීමෙන් පලක් නොවන බවයි. සමහරවිට එයාලා මාධ්‍ය ඉදිරියට ඇවිත් ජනතාවට රසවත් කතා කියන අවස්ථාවලට සහභාගී වෙන අවස්තාවලදී මුඛවාඩම් හිගයක් ඇති වේ යයි ඔවුන් තුල පවතින බිය නිසා වන්නට ඇත.