IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසිලියේ ප්‍රථම වරට දැවැන්ත සංස්කෘතික රාත්‍රියක්

 

කතානියා නගරයේ සමාජ සුබසාධන සමිතියක් වූ Vois of Sri Lankan (VOS) සමිතියට වසර 2ක් පිරීම නිමිත්තෙන් අති දැවැන්ත වැඩසටහනක් එහි සාමාජිකයන් විසින් 2019.10.19 වැනි දින සංවිධානය කර තිබුණි. සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් නර්තනයෙන්ද, සිංහල ඇඳුම් පැළඳුම්වලට මුල් තැන දෙමින් සිංහල ක්‍රමයට නෙළුම් පතේ කෑම කමින් රිසි සේ විනෝද වීමට අවස්ථාව සලසා තිබූ අතර සිසිලියේ ජනප්‍රිය දක්ෂ සංගීත කණ්ඩායමක් වන ‘ෂා’ සංගීතයෙන් රාත්‍රිය සංගීතවත් කළේය.   


සිංහල සංස්කෘතිය ලෙස සාරිය, ඔසරිය, සරම, කමිසය සහ රෙද්ද හැට්ටයට මුල් තැන දෙමින් හොඳම ගැමි පවුල, ගැමි යුවල, ගැමි කුමරිය සහ ගැමි කුමරා තේරීම මෙම උත්සවයේ කැපී පෙනුන අංගයකි. 


ඇත්තටම මෙවැනි කර්තව්‍යයන් අප අගය කළ යුතුමය. සයුරෙන් ඈත එපිට ජීවත්වෙන අපට අපේකම, අපේ සංස්කෘතිය ලොවට ගෙන යා හැක්කේ මෙවැනි දේවල්වලින්මය. 
Vois of Sri Lankan සාමාජික සාමාජිකාවන් උපරිම වෙහෙසක් දරා ඉතා සාර්ථකව මෙම කර්තව්‍යය සංවිධානය කළ බවට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එය අප නෙත් දෙකින්ම දැක ගත්තෙමු. 


VOS සංවිධානයේ සභාපතිතුමා වන අජිත් ප්‍රනාන්දු මහතාට සහ ලේකම් ප්‍රගීත් පෙරේරා තරුණ මහතාට සහ එහි සියලුම දෙනාට ඉදිරියේදීත් මෙවැනි කර්තව්‍යයන් කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.  

 

 

 


කාන්ති රතුගම - කතානියා 



අදහස් (0)

සිසිලියේ ප්‍රථම වරට දැවැන්ත සංස්කෘතික රාත්‍රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site