IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයේ 15 වැනි වරටත් පැවැති කඨින මහා පුණ්‍යොත්සවය

ලොව පුරා බෞද්ධයින් ගේ පුණ්‍යෝත්සව අතුරින් සුවිශේෂි වූ පිංකම ලෙස කඨින පිංකම හඳුන්වන්නේ එය එතරම් පිං කුසල් රැස් කර ගත හැකි පිංකමක් නිසාවෙනි. ඇසළ පුන් පොහොයත් සමග භික්ෂුන් වහන්සේලාට කරන්නාවූ වස් ආරාධනාවෙන් ආරම්භ වී එදා සිට තෙමසක් පුරා විහාරස්ථන තුළ රැඳී වස් වසා වැඩ හිඳිමින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් පිදුම් ලබමින් තම ද‌ායක පිරිසට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, ආදී විවිධ ආගමික වැඩසටහන් දිනපතා පවත්වමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උන්වහන්සේලා තෙමස්පූර්ණ වූ කල අටමහ කුසලයන්ට අයත් කඨින චීවර පූජාව සිදුකරනු ලබයි.   


මව්බිමෙන් බැහැරව දුරකතර දිවි ගෙවන ඔබගේ දහම් පිපාසය සන්සිඳුවීම උදෙසා එවන් උතුම් වූ පිංකම් සයිප්‍රසයේ වෙසෙන ලාංකික ජනතාව වෙනුවෙන් වසරක් පාසා ශ්‍රී ලංකාරාමයෙන් සිදු කරනු ලබයි. විහාරාධිපති කැලණිය, වේවැල්දූව, ශ්‍රී නාගරුක්කාරා පුරාණ විහාරය, සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථ බෞද්ධ සංගමය සතර පේරුවේ ද‌ායක ද‌ායිකාවන් සමග මෙවරද කඨින මහ පිංකම උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූද‌ානම්කර ඇති බව දැනුම් දෙනු ලබයි.   


මෙවර මෙම පිංකමෙහි ප්‍රධාන ද‌ායකත්වය සයිප්‍රසයේ පාපොස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සිදු කරනු ලබයි. මන්ද මීට තුන්මසකට පෙර සම්ප්‍රද‌ායානුකූලව වස් ආරාධනාව සිදු කළේ ඔවුන් නිසාවෙනි. මෙම පිංකම තෙදිනක් පුරා පැවැත්වීමට කටයුතු සූද‌ානම් කර ඇත. ඒ අනුව 2019.10.18 සවස 8 සිට ලිමාසෝල් සදහම් මැදුරේ දී ආශිර්වාද පූජාව සහ මහ පිරිත් දේශනය ද ආවාසික සිවුරු මැසීමේ කටයුතු ආරම්භ කිරීම සිදු කරනු ලබයි. 2019.10.19 සවස 4 සිට නිකෝසියා සදහම් සෙවණේ දී ආවාසික සිවුරු පඬු පෙවීම, සත්බුදු වන්දනාව සහ සර්ව රාත්‍රික පිරිත් දේශනයකි. 20 වැනි ඉරු දින උදෑසන 9 සිට සවස 3 දක්වා පාපොස් නගරයේ නගර සභා ශ්‍රවණාගාරයේ දී කඨින චීවර පූජා මහා පිංකම ද දහවල සම්බුද්ධ පූජාව, දහවල ද‌ානමය පිංකම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වෙයි.   


මෙම මහා පුණ්‍යෝත්සවය සිදු කිරීම සඳහා ගෞරවණීය වැඩම වීම් නිට්ටඹුව සාරිපුත්‍ර ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු පීඨාධිපති අමුණුපුර ශීලවංශ හිමිපාණෝ, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමිපාණෝ, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත හිමිපාණෝ, කරළියද්දේ කමලසිරි හිමිපාණෝ සහ කිනිහිරිකන්ද රජමහා විහාරවාසී කුඩාරඹාවැවේ ධම්මගවේසි හිමිපාණන් යන පූජනීය මහා සංඝරත්නය සහභාගිත්වයෙන් පැවැත්වෙයි.   

 


මෙම මහා පිංකමට පිං කැමති සියල්ලෝ පැමිණෙත්වා.   


විමලා යාපා   
නිකෝසියා, සයිප්‍රස්   



අදහස් (0)

සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයේ 15 වැනි වරටත් පැවැති කඨින මහා පුණ්‍යොත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site