IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ලස්සන කළු කෙල්ල තුන්වැනි තැනට ඇද දමා සුදු කෙල්ලක් රජකරවූ ඉතාලි රූ රැජින විහිළුව

 

ඉතාලි රූ රැජින කිරුළ 2017 සඳහා සැප්තැම්බර් මස නවවැනිදා පැවති අවසන් මහා තරගයෙන් ඇල්ප්ස් කඳු ආශ‍්‍රිත ත්‍රෙන්තීනෝ ප‍්‍රදේශයේ වැසියන් දාහතරදෙනෙකු පමණක් වෙසෙන පිටිසර ගමක රූමතියක් ප‍්‍රථම ස්ථානය හිමිකර ගත්තා ය. වයස අවුරුදු විසිඑකක් වූ අලීෂෙ රකේලෙ නම් වූ මෙම තරුණිය ඉතාලි රූ රැජින 2017 කිරුළ පැළඳීමත් සමගම, විනිශ්චය මණ්ඩලයේ මෙම තීරණය ඉතාලිය තුළ ආන්දෝලනයක් ඇතිකිරීමට හේතු වී ඇත.   


ඉතාලි රූ රැජින 2017 තරග වටයේ මුල් අවස්ථාවේ සිට ම සෙනගල් සම්භවයක් ඇති ඉතාලි පුරවැසි සමීරා ලූයි නම් වූ කළු රූමතිය වැඩි මනාප ලබාගනිමින් ඉදිරියේ සිටිය ද අවසන් අවස්ථාවේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකුගේ කිසියම් ජාතිවාදී ප‍්‍රකාශයක් හේතුවෙන් ඇයට අසාධාරණයක් වූ බවට චෝදනා දැන් නැගෙමින් ඇත. සෙනගල් ජාතික පියෙකුට හා ඉතාලි ජාතික මවකට දාව ඉතාලියේ උපත ලබා ඇති සමීරා ලූයි ඉතාලි ප‍්‍රාදේශීය රූ රැජින තරගයකින් ප‍්‍රථම ස්ථානය ලබා ඉතාලි රූ රැජින තරගය සඳහා සුදුසුකම් ලැබූවෙකි.   
‘‘මිස් ඉතාලියා 2017’’ මුල් තරග වටයේ සිටම ඉතාලි විද්‍යුයත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සමීරා ලූයිගේ ජයග‍්‍රහණය සහතික කර තිබුණි.

2017 ඉතාලි රූ රැජින ලෙස සමීරා කිරුළ පළන් විගස නිකුත් කිරීම සඳහා ඇය රූ රැජින කිරුළ සහිත ඡායාරූපය අඩංගු මුල් පිට සහිත සඟරාවක් ද මුද්‍රණයට සූදානම්ව තිබී ඇත. එහෙත් ඇයට හිමිවූවේ ‘‘මිස් ඉතාලියා 2017’’ තරගයේ තෙවැනි ස්ථානයයි. විනිශ්චය මණ්ඩලයේ මෙම තීරණය සමීරාගේ ඡවි වර්ණය හේතුවෙන් කරන ලද අවතක්සේරුවක් ලෙස බොහෝ දෙනෙකු චෝදනා කරති.   
කබොවේර්දේ සම්භවයක් ඇති කළු රූමතියක වූ ඩැනී මෙන්ඩෙස් 1996 ඉතාලි රූ රැජින ලෙස කිරුළ පළන් අවස්ථාවේදී, ඉතාලියේ විදේශිකයන්ගේ සම අයිතිවාසිකම් පිළිබඳව පුරාජේරු දෙඩූ බොහෝ දෙනෙකුගේ සැබෑ මුහුණුවර ලොවට හෙළිදරව් විය. කෙතරම් රූමත් වුවද විදේශික සම්භවයක් ඇති, ඉතාම සරලව නිර්වචන කෙරේ නම් ජවී වර්ණය කළු තරුණියකට ඉතාලි රූ රැජින කිරුළ අහිමි බව ඉතාලි ජාතිකයා ප‍්‍රකාශ කළේ මෙදා නොව එදා මය.   


සම අයිතිවාසිකම් යටතේ ඉතාලියේ නේවාසික විදේශිකයා සහභාගී වීම පමණක් අපේක්ෂා නොකෙරේ. සුදුසුකම් ඇත්නම් ජයග‍්‍රහණයට හිමිකම් කීමේ අයිතිය ද ඉතාලියේ විදේශිකයාගේ සම අයිතිවාසිකම් නිර්වචන කෙරෙන තැන අඩංගු විය යුතු ය.   


‘‘මිස් ඉතාලියා 2017’’ කිරුළ හිමිකරගත් අලීසේ රකේලෙ, තෙවැනි ස්ථානය හිමිකරගත් කළු රූමතිය සමීරා ලූයි හා ඇය ජයග‍්‍රාහිකාව ලෙස සූදානම්ව තිබූ සඟරාවේ මුල් පිටුව ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය. 



අදහස් (0)

ලස්සන කළු කෙල්ල තුන්වැනි තැනට ඇද දමා සුදු කෙල්ලක් රජකරවූ ඉතාලි රූ රැජින විහිළුව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6074 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 267 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 311 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1240 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site