
අප මවුබිමට නිදහස ලැබූ අභිමාණවත් දිනය පෙබරවාරි හතර වැනිදා හැත්තෑ එක් වැනි නිදහස් දිනය ඉතාලියේ රෝම නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම නිදහස් උත්සවය සඳහා සෑම ආගමක්ම නියෝජනය කරමින් මහා සංඝරත්නයද, ඒ ඒ ආගමික නායකතුමන්ලා ද පැමිණ සිටියහ.
චාරිත්‍රානුකූලව පහන් ආලෝකය දල්වමින් ආගමික වතාවත් සිදු කළ අතර ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා සහ එම මහත්මිය ද තානාපති කාර්ය මණ්ඩලය ද මෙයට සහයෝගය දැක්වූහ.
රට දැය සුරකින රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයකින් ඔවුනට කෘතගුණ දැක්වූහ.
දයා පැල්පොල තානාපතිතුමා අතින් ජාතික ධජය එසවුණු අතර ශාඛ්‍ය මුණි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ ද නිදහස පිළිබඳ දේශනයක් පැවැත්වූහ. පූජකතුමන්ලාද, අන් ආගමික නායකයෝද තම තමන්ට හුරු භාෂාවලින් කතා පැවැත්වූහ.
ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා ද නිදහස පිළිබඳව දේශනයක් කරමින් පැමිණ සිටි ශ්‍රී ලාංකික ජනතාවට ස්තුති කළේය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලංකා තානාපති කාර්යාල අමාත්‍ය එම්.එස්. මහදිවුල්වැව මහතා විසින් කියවන ලදී. අග්‍රාමාත්‍යතුමා ද, විදේශ කටයුතු අමාත්‍යතුමා ද සුබපැතුම් පණිවුඩ එක්කර තිබුණි.
පෙබරවාරි 4 ඉතාලියට නිවාඩු දිනයක් නොවුණු නිසා ශ්‍රී ලාංකිකයින්ගේ වැඩ කරන දිනයක් වූ බැවින් බොහෝ පිරිසකට මෙම උත්සවයට සහභාගි වීමට නොහැකි විය. එහෙත් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණ සිටිනු දක්නා ලදී. ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලය විසින් පැමිණ සිටි පිරිසට කැවුම්, කිරිබත්, රස කැවිලි සමග තේ පැන් සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි.
සටහන
ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප - නදීර ආකාශ් ලියනගේ
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී හැත්තෑ එක්වැනි නිදහස් දිනය සමරයි