IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


​රෝම ශාඛ්‍යමුනි විහාරයේ කඨින පූජෝත්සවය

 

ඇසළ පුන් පෝ දිනයෙන් ආරම්භ වී තෙමසක් පුරාවට බෞද්ධ පින්වතුන් පින් කුසල් රැස් කරගන්නා වස්සාන කාලය වප් පෝ දිනයෙන් පසු නිමා කරමින් මේ උදාවී ඇත්තේ කඨින චීවර පූජාවන් සිදුකරන චීවර මාසයයි. විනය ප්‍රතිපත්තියට ගරු කරමින් සිල්වත්ව වැඩ විසූ උපසම්පදාව ලැබූ මහා සංඝරත්නයට චීවරයක් පූජා කිරීමේ උතුම් කඨින පිංකම් යුරෝපයේ සෑම විහාරස්ථානයකම මේ දිනවල සිදුකරනු ඇත. ඒ අනුව රෝමයේ ශාක්‍ය මුනි විහාරයේ කඨින චීවර පූජා මහෝත්සවය ඉතාමත් අලංකාරව ඔක්තෝබර් දහනවවැනි (19) සෙනසුරාදා සහ විසිවැනි ඉරිදා (20) යන දෙදින තුළ VIADON CARLO GNOCCI 70 BOCCEA යන ස්ථානයේදී සිදුකළහ.  


​ෙරා්ම ශාක්‍ය මුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ඉතාලියේ නන්දෙසින් ශාක්‍යමුනි විහාරයට වැඩම කළ මහා සංඝරත්නය විශ්‍රාමික විදුහල්පති දංදෙණියේ විපුලසිහ හිමි, පේමඩුවේ ඓතිහාසික රජමහා විහාරාධිපති පේමඩුවේ සුමංගල හිමි, ෆිරෙන්සි සමාධි විහාරාධිකාරී ලංකා තිලකයේ අරියධම්ම හිමි, වෙරෝනා මහා විහාරාධිකාරී රුක්මලේ අනුරුද්ධ හිමි, කෝමෝ ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානාධිපති වංගියකුඹුරේ ඤාණවිමල හිමි, පීසා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ලියන්විල උදිතසිරි හිමි, ඉතාලි ජාතික කුසලානන්ද හිමි, පාදෝවා සම්මාසති විහාරවාසී වැලිගම සුමේධ හිමි සහ රෝම ශාඛ්‍යමුනි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සිවුපස් නමක් මහා පිංකම සඳහා වැඩම කර සිටියහ.  


ශාක්‍ය මුනි විහාරයේ දායක පින්වතුන් විසින් ඉතාමත් අලංකාරව නිර්මාණය කළ පිරිත් මණ්ඩපයක මහාසංඝරත්නය වඩා හිඳුවා පිරිත් සජ්ඣායනාවක් සිදුකළ අතර පසුදින එනම් ඉරිදා උදේ දහයට අලංකාරව සකස් කළ මල් ආසනයක අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ බුදුරුවක් මුල්කරගනිමින් ඉතාමත් ගෞරවාන්විතව සැදැහැවතුන්ගේ සාදු හඬ මැද බෙර දවුල් කොඩි සේසත් ධජ සමග චීවරය රැගත් කඨින පෙරහර වීදි සංචාරය කළ අතර මග දෙපස ඉතාලි ජාතිකයන් ද මහත් පුදුමයෙන් හා සතුටකින් පෙරහර නැරඹූහ.  
චීවරය මහත් හරසරින් ශාලාවට වඩමවා අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාව පූජා කර ඉන්පසු සිවුපස් නමක් මහා සංඝරත්නයට මහත් ගෞරවයෙන් දහවල් දානය පිරිනැමූහ. ඉන්පසු දායක පින්වතුන් මහත් ගෞරවයෙන් යුතුව පූජා කළ චීවරය නන් දෙසින් වැඩම කළාවූ නායක ස්වාමීන් වහන්සේලා පිරිත් මණ්ඩපය තුළ ඒකරාශී වී ගත් ඒකමතික තීරණයකට අනුව බුදුගුණ වාක්‍ය කියවමින් අප ශාක්‍ය මුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේට පිරිනැමූහ.  


මේ මහඟු අවස්ථාවට ඉතාලි ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා සමග කොන්සියුලර් අංශයේ ප්‍රධාන සමන් පෙරේරා මහතා ද සහභාගී වූහ. අනතුරුව කුසුම් බඳුන් වෙන්දේසියද පැවැත්වූ අතර එය දායක පින්වතුන්ගේ වෙහෙස නිවාලීමට විනෝදාස්වාදයක් ගෙන දුන්හ.  

 

 


සුපුරුදු පරිදි මහා බත් දන්සැල මෙවරද පැවැත්වුනු අතර බොහෝ ශ්‍රී ලාංකික පින්වතුන් කටට රසට ලැබුණු බත් පතක රස භුක්ති විඳිනු දැකගන්නට ලැබුණි.  


සවස් භාගයේ බුදු සිරිපතුල වන්දනාමය පූජාවක් සිදුකළ අතර ලෝකවාසී සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් බෙහෙත් ඖෂධ පූජාවක් පවත්වා සෙත් සාන්ති කර 2019 රෝම ශාක්‍ය මුනි විහාරයේ කඨින මහෝත්සවය නිමා කළහ.  


වසරකට එක්වරක් බෞද්ධ පින්වතුන්ට පින් කුසල් රැස්කරගත හැකි මේ උතුම් පිංකම සාර්ථකව කරගැනීම සඳහා උදවු උපකාර කළ දායකත්වය දුන් කැපවීමෙන් යුතුව වැඩකර වෙහෙස මහන්සි වී කටයුතු කළ මූලිකත්වය දැරූ සියළුම පින්වතුන්ට නිරෝගී සුවය ලැබ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බව ශාක්‍ය මුනි විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසූහ.  

 


ප්‍රේමා කංකානම්ගේ   
​ෙරා්මය    



අදහස් (0)

​රෝම ශාඛ්‍යමුනි විහාරයේ කඨින පූජෝත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site