IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බහරේන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි

 

නිර්මල බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනාවට සමගාමීව ප්‍රකාශයට පත්කරන ලද ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතිය සැමරීම සඳහා බහරේන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ත්‍රිපිටක වන්දනා වැඩසටහනක් සංවිධානය කරන ලදී.   


බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සජී යූ මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් යුතුව 2019 ක් වූ මාර්තු මස 22 වෙනි දින දවස පුරා බහරේන්හි බාර්බාර් විහාරස්ථානය මූලික කොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුනි. මේ සඳහා බහරේන් රාජ්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩ වදාළ මදුරන්කුලියේ ශ්‍රී ජිනරාජ විහාරය සහ වරකාපොළ ඩඩ්ලි සේනානායකාරාමය යන විහාරස්ථානයන්හි උභය විහාරාධිපති සම්මාන නායක දෙහිවල චන්ද්‍රවිසුද්ධි ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය සහ මූලිකත්වය කොටගෙන මෙම වැඩසටහන පවත්වන ලදී.   


සම්මාන නායක දෙහිවල චන්ද්‍රවිසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරමයක් බවට පත්කිරීමේ ව්‍යායාමය සඳහා ආශිර්වාද කිරීම සිදුකරන ලද අතර බාර්බාර් විහාරස්ථානයේ තුෂාර ගාල්ලගේ, තානාපති ආචාර්ය මෙන්ඩිස් සහ කාර්යය මණ්ඩල ප්‍රධානී සඳුන් ලියන්විල යන මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.   

 

සම්මාන නායක පූජ්‍ය දෙහිවල චන්ද්‍රවිසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීම. වමේ සිට පිළිවෙළින් බාර්බාර් විහාරස්ථානයේ භාරකරු තුෂාර ගාල්ලගේ මහතා, තානාපති ආචාර්ය මෙන්ඩිස් මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානී සඳුන් ලියන්විල මහතා අසුන්ගෙන සිටි අයුරු.

 

 


මෙහිදී රැස්ව සිටි දෙසීයකට අධික බැතිමතුන් අමතමින් දෙහිවල චන්ද්‍රවිසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය සහ එය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ වලගම්බා රජ දවස මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සහ ඒ සඳහා පාදක වූ කරුණු පිළිබඳව ද උන්වහන්සේ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ත්‍රිපිටකාභීවන්දනා සතිය උදෙසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිළියෙල කරන ලද විශේෂ විඩියෝ දර්ශන රැස්ව සිටි පිරිස සඳහා ප්‍රදර්ශනය කිරීම ද මෙහි දී සිදුකරන ලදී.   


මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මෙන්ඩිස් මහතා විසින් ජනාධිපතිතුමා විසින් සිදුකිරීමට යෝජිත ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ ව්‍යායාමය විශේෂයෙන් අගය කළ අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමෙහිලා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වන ලද සහයෝගය විශේෂයෙන් පැසසුමට ලක් කරන ලදී.   


රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානී සඳුන් ලියන්විල මහතා මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා බාර්බාර් විහාරස්ථානයේ භාරකරු වන තුෂාර ගාල්ලගේ මහතා ඇතුළු එම නිලධාරී මණ්ඩලය විසින් දක්වන ලද සහයෝගය විශේෂයෙන් ඇගයීමට ලක් කරන ලදී.      


මහා සංඝරත්නය ඇතුළු සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට සහ පැමිණි සිටි අනෙකුත් පිරිස හට පිළියෙල කරනු ලැබූ දානමය පිංකමකින් ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන සමාප්තියට පත් කරන ලදී.   


ඉස්ලාම් ආගමිකයන් බහුතරයක් වෙසෙන මැදපෙරදිග රාජ්‍යයක් වන බහරේන්හි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම බහරේන් රාජ්‍යයේ පවතින ආගමික සංහිඳියාව මැනවින් නිරූපනය කරන්නකි. බොහෝ විට බහරේන් රාජ්‍යය මෙවැනි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනක් පවත්වනු ලැබූ එකම ඉස්ලාම් ආගමික රාජ්‍යය වීමට ඉඩ ඇත. 

 

 

රැස්ව සිටි පිරිස ත්‍රිපිටකාභිවන්දනා පිළිබඳ විශේෂ වීඩියෝ දර්ශනය නරඹන අවස්ථාව.

 



අදහස් (0)

බහරේන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site