IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැරීසියේ නිදහස් දින සැමරුම සියලු ජාතීන් එක්ව

 

ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2019 පෙබරවාරී 04 වැනිදාට වසර 71කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්වුණි. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම්හි පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී, සමාජශීලී සංවිධානවල නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් පැවැත්වුණි.   


ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ලාබුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පූජ්‍ය මුරුංගස්යායේ ඥාණිස්සර හිමි, පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලද බෞද්ධාගමික වතාවත්වලින් පසු අනෙකුත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආගම්හි පූජා මෙහෙයන් එම පූජ්‍ය පක්ෂය විසින් ගෞරවනීය ලෙස සිදු කළෝය. ඉනික්බිතිව පොල්තෙල් පහණ දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, ජාතික ගී හඬ මැද ඇරඹුණු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, විදේශ ඇමැතිතුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂාවලින් සභාවට දැන්වීය.   


උත්සව සභාවෙන් පසු සහභාගි වූ සියලුම පූජ්‍ය පක්ෂය සඳහා දානමය කටයුතු සිදු කළ අතර අනතුරුව පැමිණි ආරාධිතයන්ට දිවා භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණේය.   
04 වැනි සඳුද‌ා ප්‍රංශයේ රාජකාරී දිනයක් වූ බැවින් 10 වෙනි ඉරු දින උදේ 10 ට පැරීසියට නුදුරු ක්‍රිතෙයිල්වලදී සියලුම ජන වර්ග නියෝජනය කරන සංස්කෘතික අංග ඇතුළත් අංග සම්පූර්ණ නිදහස් උළෙලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලුම කටයුතු යොද‌ා ඇත්තේය.   

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට.



අදහස් (0)

පැරීසියේ නිදහස් දින සැමරුම සියලු ජාතීන් එක්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site