IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පිරිමින්ට සමාන වැටුප් හා අයිතීන් ඉල්ලා ප්‍රංශ කාන්තාවෝ මහ මඟ උද්ඝෝෂණයේ

 

කාන්තාව සහ පිරිමියා අතර පවතින වැටුප් විෂමතාව අවසන් කොට සමානාත්මතාවයෙන් සැලකිය යුතුය යන විෂය මූලිකව මේ දිනවල ප‍්‍රංශ සමාජය තුළ විශාල කථිකාවක් ඇති වී තිබෙන්නේය. එය විරෝධතා උද්ඝෝෂණ ආදී උපාය උපක‍්‍රම ලෙස පසු කරමින් වර්තමානයේදී පාර්ලිමේන්තු හා සෙනට් සභා ගර්භය දක්වා පැමිණ ඇත්තේය. 


ප‍්‍රංශ ජාතික ධජයත් ඒ හා බැඳුණු ජාතික උධෘත පාඨයත් නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය යන ප‍්‍රධාන මිනිස් අයිතීන් තුන පිළිබිඹු කරන්නේය. එබැවින් ඉහත විෂයට සාපේක්ෂකව මෑත අතීතයේදී ප‍්‍රංශය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය සේවය හා දේශපාලනය ආදිය සඳහා කාන්තා නියෝජනයේ සැලකිය යුතු වර්ධනයක් සිදුවී තිබේ. මෙවර ප‍්‍රංශ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතවරියන් 224 ක් තේරී පත්වූ​ෙවා්ය. එසේ නමුදු ප‍්‍රංශය තුළ කාන්තාවට හා පිරිමියාට හිමි මාසික වේතනය හෙවත් මාසික වැටුප එක සමාන නොවේ. ඔවුන්ගේ මාසික සමස්ත වැටුපේ සාමාන්‍ය අගයට අනුව ගණනය කළහොත් ප‍්‍රංශ කාන්තාව නොවැම්බර් මස 03 වැනිදා උදේ 11.44 සිට දෙසැම්බර් 31 රාත‍්‍රී 12 දක්වා සේවය කරන්නේ වැටුප් රහිතවය. 


ලක්සම්බර්ග් මූලිකව ක‍්‍රියාත්මක ප‍්‍රජා මට්ටමේ සංඛ්‍යාණ තොරතුරු පිළිබඳ යුරෝපා කොමිසම හා ජිනීවාහි පිහිටි ලෝක ආර්ථික සංසදය විසින් කළ නිරීක්ෂණයන්ට අනුකූලව ප‍්‍රංශයේදී කාන්තා හා පිරිමි වැටුප් අතර පරතරය වර්ෂ 2016 දී 15.1%ක් වෙන විට වසර 2017 දී එය 15.8% ක් දක්වා ඉහළ ගොස් ඇත්තේය. මේ හේතු කොට ප‍්‍රංශය තුළ කාන්තා සහ පිරිමි මාසික වැටුප එක සමාන නොවන පරිමාව වැඩි වී තිබේ. ප‍්‍රංශයේ කාන්තා සහ පිරිමි අතර සාමාන්‍ය වැටුප් පරතරය යූරෝ 494 කි. එනම් රුපියල් අසූ අටදාහක් පමණ වේ. මෙම ප‍්‍රතිශත අනුපාතයන් මේ අයුරට පැවතුන හොත් ප‍්‍රංශයේ කාන්තා හා පිරිමි වැටුප එක සමාන වීම සඳහා වසර 297 ක් ගත වෙන බව විද්වතුන් සාක්ෂි සහිතව කරුණු පෙන්වා දේ. මේ හේතුකොට වැඩ කරන ප‍්‍රංශ කාන්තාව නොවැම්බර් මස 03 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වැටුප් රහිතව නොමිලේ සේවය කරන බව ගණිත ක‍්‍රමයට අනුව ඔප්පු කර ඇත්තේය. මේ හේතුකොට ප‍්‍රංශයේ විවිධ කාන්තා සංවිධාන විසින් පැරීසිය හා විවිධ නගර හා ස්ථානවල වැඩ වරමින් උද්ඝෝෂණ ද පැවැත්වූයේය. 


කාන්තා සහ පිරිමි සම අයිතිය පිළිබඳ ලෝක ආර්ථික සංසදය විසින් රටවල් 144 ක් යොදාගෙන කළ පරීක්ෂණවලට අනුව සමස්තයක් ලෙස කාන්තා සම අයිතිය ස්ථාපිත කළ රටවල් අතරින් බටහිර යුරෝපයේ රටවල් ඉතා හොඳ ප‍්‍රතිඵල ලබා දී ඇති අතර එය උතුරු ඇමෙරිකාවට වඩා යහපත් වෙන අතර උතුරු අප‍්‍රිකාව හා මැද පෙරදිග රටවල් ඉතාමත් පහළ මට්ටමක පවතින බව එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ජී 20 රටවල් අතරින් පිළිවෙළින් මහ බි‍්‍රතාන්‍ය, කැනඩාව, දකුණු අප‍්‍රිකාව, ආර්ජන්ටිනාවට වඩා ඉහළ ස්ථානයක සිටින අතර ප‍්‍රංශය එහි 17 වැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේය. ජර්මනිය 13 වැනියාය. වර්ෂ 2006 දී ප‍්‍රංශය 70 වැනි ස්ථානයේ සිටියේය. මෙම ශ්‍රේණිගත ලැයිස්තුවේ ප‍්‍රධාන ස්ථාන ස්කැන්ඩිනේවියානු රටවලට හිමිවෙන අතර අයිස්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය, ස්වීඩනය අනුපිළිවෙළට ලැයිස්තුවේ ප‍්‍රමුඛයෝ වෙති. අප‍්‍රිකාවේ රුවන්ඩාව ප‍්‍රථම දහදෙනා අතරට අයත් වේ. 


ඇමෙරිකාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පවතින අඩු කාන්තා නියෝජනය හේතුවෙන් ඇමෙරිකාවට 49 වැනි ස්ථානය හිමි වේ. 
ජිනීවාහි පිහිටි ලෝක ආර්ථික සංසදයේ අධ්‍යාපන, ස්තී‍්‍ර සහ පුරුෂ සේවා පද්ධති අංශයේ විධායක කමිටු සාමාජික ඉහත නිරීක්ෂණ වාර්තාවේ ප‍්‍රධානී සාඩියා ෂහීඩි මහත්මිය විසින් මෙම නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කොට ඇත්තේය. 


‘‘මම කැමතියි කාන්තාවට වැඩි අවස්ථාවන් ලබා දෙන්න. ඒ විතරක් නොවේ. මම කැමතියි කාන්තාවක් අගමැති වෙනව නම්.” ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා විසින් පසුගියදා ප‍්‍රසිද්ධ සාකච්ඡාවකදී ඉහත ප‍්‍රකාශය කළේය. අද ප‍්‍රංශය තුළ කාන්තා සම අයිතිිය ප‍්‍රධාන දේශපාලන විශයයක් වී ඇති බව ජනපති ප‍්‍රතිචාරය තහවුරු කරන්නේය. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට. 



අදහස් (0)

පිරිමින්ට සමාන වැටුප් හා අයිතීන් ඉල්ලා ප්‍රංශ කාන්තාවෝ මහ මඟ උද්ඝෝෂණයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site