IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පදික වේදිකාව නිවහන කරගත් විදේශික සංකමණිකයෝ් අටදහසක් රෝම නගරයේ

පසුගිය දා රෝමයේ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක හුදකලා ස්ථානයක දී මහමග නිදාගත් ශ‍්‍රී ලාංකිකයකු මරාදමා තිබී හමුවීමත්, ජනාකීර්ණ ප‍්‍රදේශයක උමං පදික මංතීරුවක් තුළදී හතළිස්නව හැවිරිදී බ‍්‍රසීල ජාතික මහමග නිදන්නියක දූෂණය කර ඝාතනය කර තිබීමත් සමගම, යන එන මං නැතිව රෝමයේ පදික වේදිකාව නිවහන කරගත් විදේශික සංක‍්‍රමණිකයන් පිළිබඳව කතිකාවතක් ඇරඹී ඇත. මෙහිදී ඉතාලි කරිටාස් ආයතය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවකින් කියැවෙන්නේ රෝම නගරය තුළ පමණක් යන එන මං නැති විදේශික සංක‍්‍රමණිකයෝ අටදහසක් නිසි හව්හරණ නැතිව පදික වේදිකාවේ ජීවත්වෙන බව ය. 


ඉතාලියේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හා විරැකියාව හේතුවෙන් අසරණ බවට පත්වෙන, එකම ආදායම් මාර්ගය රැකියාව කරගත් විදේශික සංක‍්‍රමණිකයාට මහමග හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත. රැකියාව අහිමි වූ පසුව වෙනත් රැකියාවකට අනුයුක්ත වීමේ දුෂ්කරතාව හේතුවෙන් ගෙවල් කුලී හා වෙනත් වියදම් පිරිමසා ගැනීමට නොහැකි වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. මහමගට වැටුණු පසුව කායිකව හා මානසිකව දිනෙන් දින පරිහානියට පත්වීම හේතුවෙන්, මෙම පිරිස යළි සුදුසු රැකියාවකට අනුයුක්ත කිරීම ද අපහසුය. මෙම වාතාවරණය මහමගට වැටෙන්නා මහමගට ම තීන්දු කරයි. රෝමයේ මහමග ලගින පිරිසෙන් සියයට තිහක ප‍්‍රතිශතයක් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ පදික වේදිකාව නිවහන කරගත්තවුන් බව හෙළිවී ඇත. 
සෞභාග්‍ය සොයා විදේශයකට පැමිණ එහි දී සියලු බලාපොරොත්තු සුන්වූ පසුව, යළි තම මව්බිමට යාම අවමානයක් ලෙස සිතා තම ජීවිතයේ ඉතිරි කාලය මහමග වුවද විදේශයක අප‍්‍රකටව ගෙවා දැමීමට මෙම පිරිස තීරණය කර ඇති බව සමීක්ෂණ වාර්තා කියයි. පදික වේදිකාව නිවහන කරගත් විදේශික සංක‍්‍රමණිකයන් අතර උපාධිධාරීන් ද, විවිධ ක්ෂේත‍්‍රයන්හි විශේෂ දක්ෂතා ඇති වෘත්තිකයෝ ද වෙති. මහමග ලගින මෙම පිරිස අතර කාන්තවෝ ඇතුළු බහුතරය දෛනික ආහාර වේල මගහැරී ගිය ද, මධ්‍යසාරයට ඇබ්බැහි වූවෝ ය. එබැවින් මොවුන් අතර කාන්තා දූෂණය හා කළකෝලහාල ද එමට ය. 


පදික වේදිකාව නිවහන කරගත්තවුන්ට වතිකානය විසින් කරණවෑමි සේවයක් ද, ෙසෙඛ්‍ය පහසුකම් කීපයක් ද, පිරිසිඳු ඇඳුම් සැපයීමේ සේවයක් ද, ආහාරපාන බෙදාහැරීමට අමතරව ක‍්‍රියාත්මක ය. කතෝලික පල්ලිය සම්බන්ධ ආයතන හා ස්වෙච්ඡා ආයතන විසින් සීත සෘතුවේදී පදික වේදිකාවේ ලගින්නන් හට උණුසුම් ආහාරපාන සහ නිදන පහසුකම් සැපයීමේ ක‍්‍රමවේද ක‍්‍රියාත්මක වුවද, පොදු නිදන ශාලා පහසුකම් පරිහරණය කිරීමට වැඩි පිරිසක් කැමැත්තක් දක්වන්නේ නැත. අධික සීතලෙන් ආරක්ෂාවීම සඳහා රාත‍්‍රි කාලයේ ආවරණ ලැබීමට උමං දුම්රිය පොළවල් විවෘතකර තැබීමේ පිළිවෙතක් රෝම නගර සභාව වසර කීපයක සිට අනුගමනය කරයි. එහෙත් සීත සෘතුවේ පවතින අධික සීතල හේතුවෙන් හෘර්ධයාබාධයන්ට ගොදුරුව මහමග මියයන පදික වේදිකාව නිවහන කරගත්තවුන් පිළිබඳව සෑම වසරකම වාර්තා වේ. 

 

 

 

 


ගැස්කොන් ලාසරස්
ඉතාලිය



අදහස් (0)

පදික වේදිකාව නිවහන කරගත් විදේශික සංකමණිකයෝ් අටදහසක් රෝම නගරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site