IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවම් පොහොය නිමිත්තෙන් ශාක්‍යමුනි විහාරයේ පිංකම්

 

ලක්වැසි අප බෞද්ධ ජනතාව ලොව කොතැනක ජීවත් වුණත් ආගම දහම කෙරෙහි සිත යොමුකර ගුණ දහම්මත ආගමානුකූලව ජීවත් වෙන්නේ නම් තම තමන්ගේ ජීවිත පැවැත්මට එය බොහෝ උපකාරීවෙන බව අප බුදු පියාණන් වහන්සේ දේශනා කොට වද‌ාල බුද්ධ දේශනයන්හි සඳහන්ව ඇත. අප බොහෝ දුෂ්කරතා මැද දේශගුණික විපර්යාසයන් තුළ මේ දිනවල පවත්නා අධික සීතලෙන් පීඩා විඳිමින් මේ යුරෝපා රටක ජීවත් වුණත් අපේ ආගමට අනුව වසර පුරාවට තිබෙන පොහෝ දිනයක් එකට එකක් නොදෙවෙනි වූ අපට වැදගත් පොහෝ දිනයන්ය. 


ඒ සෑම පෝ දිනයක් මුල්කරගෙන රෝම ශාක්‍යමුනි විහාරයේ නොකඩවා පවත්වාගෙන යන ශීල ව්‍යාපාරය නවම් මස පුර පස​ළොස්වක පොහෝ දිනය මුල් කරගෙන පෙබරවාරි දෙවැනි ඉරුදින දවස පුරා බොහෝ පිංකම් රාශියක් සමග පැවැත්විණි. රෝම ශාක්‍යමුනි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරු කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මානුශාසනා, ධර්මසාකච්ඡා, බෝධි වන්දනා, පිරිත් තුන් සූත්‍රය දේශනා කිරීම, සූත්‍ර පිටකයේ ඇති ජාතක කතාවන් පාලි - සිංහලට පරිවර්තනය කර සිල් සමාදන් වූ අප හැම දෙනාටම නිවන් මග අවබෝධ කරදීමට ධර්මාවබෝධය ලබා දීමට අපේ හාමුදුරුවන් වහන්සේ බොහෝ උත්සාහයක යෙදුනි. 


දවස පුරාවට බොහෝ වැඩසටහන් රාශියක් සිදු කළ අතර සවස් භාගයේ ඉතාමත් සුමධුර වූ සත්බුදු වන්දනාමය පිංකමක් සිදු කළහ. 


ලොවුතුරා අමාමෑණී වූ අප ති​ලෝගුරු බුදුපියාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාව සහ මහා සංඝරත්නයට දානය පිරිනැමීම සිල් සමාදන් වුණු සිල් ඇත්තන්ට දහවල් ද‌ානය පිරිනැමීම සිදු කළේ රෝම ශාක්‍යමුනි විහාරයේ ප්‍රධාන දායක දෙපලක් වූ කමල් - නදීශා දෙපල විසිනි. මීට වසරකට පෙර මිය ගිය සිය පියාණන් වූ මහානාම මහත්මාට සහ කමල් මහත්මාගේ සහෝදරයා වූ රෝෂාන් කුමාර මහත්මාට සහ මියගිය සියළු ඥාතිසමූහයා සිහිපත් කර පිං අනුමෝදන් කළහ. 


තවද ජීවත්ව සිටිනා මවු දෙමවුපියන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පිංකම සිදුකළහ. කමල් නදීශා දෙපලගේ හිතවත් මිතුරු බොහෝ පිරිසක් මේ පිංකම සාර්ථක කර ගැනීම සඳහා බොහෝ උපකාර කළ බව පිංදෙමින් එම දෙපල සිහිපත් කළහ. 


ශාක්‍යමුනි විහාරයේ තවත් දායක දෙපලක් වූ නිශාන්ත නිරෝශා යුවලද තම ආදරණීය පුතණුවන් වූ සෙනු පුතාගේ උපන් දිනයට ආශිර්වාද කරමින් දවස පුරා පැවැත්වුණු පිංකම් වලට දානමය පිංකමට සහභාගි වෙමින් සත්බුදු වන්දනාව ගිලන්පස, මල් පහන් ආලෝකවත් කරමින් ඉතාමත් අලංකාර ලෙස සිදුකරමින් තම පුතුගේ උපන්දිනයදා ආශිර්වාද පූජාව පැවැත්වූහ. 


ශාක්‍යමුනි විහාරයේ නවම් පුර පසළොස්වක පෝදිනය වෙනුවෙන් පැවැත් වූ මෙම උතුම් පිංකමට බොහෝ පිරිසක් සහභාගී වූහ. 

 


ප්‍රේමා කංකානම්ගේ
රෝමය ඉතාලිය



අදහස් (0)

නවම් පොහොය නිමිත්තෙන් ශාක්‍යමුනි විහාරයේ පිංකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site