IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩුබායි හි පැවති 9 වැනි විජයග්‍රහණ සැමරුම

ආචාර්ය පාලිත කොහොන මහතා සමඟ හසලක ගාමිණීගේ මව පොල්තෙල් පහන දැල්වීමට එක්වී...

ගෝලීය සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා (වම්පස) සහ උළෙලට සහභාගීවූ පිරිසෙන් කොටසක්.

 

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඩුබායි ශාඛාව විසින් සංවිධානය කරන ලද 9 වැනි විජයග්‍රහණ සැමරුම් උළෙල ඩුබායි හි බ්ලූ රැඩිසන් හෝටලයේදී පසුගියදා උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදුනු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ හසලක ගාමිණී වීරයාගේ මව වන වයි.ජී. ජුලියට් මාතාව හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ස්ථීර ලේකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතායි. 


ප්‍රධාන ආරාධිත කථිකයා ලෙස පැමිණි පිරිස ඇමතූ කොහොන මහතා, වසර 27ක් තිස්සේ කළ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයකින් පසු අප ලද ජයග්‍රහණයේ වටිනාකම පැහැදිලි කළේය. 


මේ මොහොත වෙනවිට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව හා රණවිරුවන් පත්ව ඇති තත්ත්වය හා එයින් මිදීමක් ලබාගැනීමට අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද එතුමා දීර්ඝ ලෙස විස්තර කරමින් පැවසුවේ යුද්ධය ජය ගැනීමටත් වඩා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම වඩා අපහසු හා අත්‍යාවශ්‍යම කාරණාව බවයි. අපගේ විදේශ ප්‍රතිපත්තිය නිසි අයුරින් පවත්වාගත යුතු බවත් එය විවිධ තැන්වලදී විවිධාකාර හැඩ නොගත යුතු බවත් පැවසූ එතුමා මානව හිමිකම් කවුන්සලය 30/1 යෝජනාව ගෙන ආ මොහොතේ අප රට විසින් එය පිළිගත් නිසාවෙන් දැනට රටට විරුදු වූ අභාග්‍ය සම්පන්න තත්ත්වය උද්ගතව ඇති බවත්, අද පවා රජයට අවංක ඕනෑකමක් වේ නම් එම එකඟතාවෙන් ඉවත් වී රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ හැකි බවත් පවසමින් ඉතා හරවත් දේශනයක් කරන ලදී. 


ගෝලීය සංසදයේ සභාපති සුනිල් චන්ද්‍ර කුමාර හා එම සංසදයේ ඕමාන් ශාඛාවේ නිලධාරිනියක් ද සභාව ඇමතූහ.මෙහිදී ජුලියට් නෝනා මාතාව විසින් හසලක වීරයාගේ පිළිරුවක් ද විවෘත කරන්නට යෙදින.

 

 

 

 

 සුරංගි අතුකෝරල 
 සාජා සිට



අදහස් (0)

ඩුබායි හි පැවති 9 වැනි විජයග්‍රහණ සැමරුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site