යහගුණ දම් පිරි
හෙටක් සදන්න...
අනේ සමිඳුනේ නැවත වරක් මේ මනු ලොවට වඩින්න...
සීතල උඳුවප් මාසේ ඉපදී...
මුළු ලොවටම සාමය
ගෙන ආවා
පසු දවසක අප සැම වෙනුවෙන්
සාමයෙ කුමරා දිවි පිදුවා....
එදා සිටිය දුදනන්ගේ
දුදන ගති නිසා
අනේ සමිඳුනේ නොවෙදෝ ඔබ දිවි පිදුවේ
අද දින ලෝකෙත් කිසි වෙනසක් නැහැ
සැම තැන අසමගිකම් මතුවේ...
ජේසු සමිඳුනේ තව
එකම එක වරක්
මේ ලෝකෙට වැඩලා
පෙන්වා දෙනවද
මේ මිනිසුන් හට
සමගියේ අගය
පැහැදිලි කරලා...
ලෝ වැසි සියලුම දෙනාට සාමය, සතුට පිරි සුභ නත්තලක් වේවා
කාන්ති රතුගම
කතානියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd