IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජර්මන් ජාතික දෙදරු මවක් රෝමයේ සිර ගෙයක් තුළදී සිඟිති දරුවකු මරා දමයි

කංසා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජර්මන් ජාතික දෙදරු මවක, අවුරුදු එකහමාරක් වයසැති තම වැඩිමහල් පුතුට මරණීය තුවාල සිදුකර සිඟිති දරුවා මරා දමා ඇති පුවතක් රෝමයේ රෙබිබ්බියා සිරගෙදරින් වාර්තා වේ. 


ඇලිස් සෙබෙස්ටා නම් වූ තිස්තුන් හැවිරිදි ජර්මන් ජාතික දෙදරු මව පසුගිය දිනෙක ඉතාලි පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේ කංසා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදීය. ඇය සමඟම තවත් නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුව ද, පොලිසිය විසින් එම නයිජීරියානුවන් නිදහස් කර ජර්මන් ජාතික කාන්තාව පමණක් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණු බව උක්ත ප්‍රවෘත්තිය වැඩිදුරටත් සඳහන් කරයි. 
ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයට අනුව බන්ධනාගාර ගතවෙන සැකකරුවකු හෝ වරදකරුවකු හෝ සමඟ වෙනත් රැකවරණයක් නැති වයස අවුරුදු හයට අඩු දරුවන් වේ නම්, ඔවුන් ද තමන් සමඟ බන්ධනාගාරයේ රඳවා ගැනීමේ වරප්‍රසාදයකට හිමිකම් කිව හැකිය. මෙම වරප්‍රසාදය යටතේ ඇලිස් සෙබෙස්ටා ද තම දරු දෙදෙන තමන් සමඟ බන්ධනාගාරයේ රඳවාගෙන තිබී ඇත. 


සිරගෙය තුළදී දැඩි ආතතියෙන් පසුවූ උක්ත රැඳිවියගේ සාමාන්‍ය නොවුණු හැසිරීම පිළිබඳව අනෙකුත් රැඳිවියන් විසින් බන්ධනාගාර වගකිවයුත්තන් දැනුම්වත් කර තිබුණ ද, අවාසනාවන්ත සිද්ධිය සිදුවෙන තුරුම මෙම නිලධාරීන් උක්ත පැමිණිලි පිළිබඳව තැකීමක් කර නැත. 


අවාසනාවන්ත සිද්ධිය වූ දින බන්ධනාගාර රැඳිවියන් දිවා ආහාරය සඳහා අදාළ ශාලාව වෙත යමින් සිටියදී, ජර්මන් ජාතික රැඳිවිය තම වැඩිමහල් පුතුගේ හිස කීපවරක් වේගයෙන් බිත්තියක ගසා ඔහු තරප්පු පෙළකින් පහළට තල්ලු කරමින්ම හයමස් තම සිඟිති දරුවා ද ඒ සමඟම තරප්පුවෙන් පහතට විසිකර ඇත. මේ සියල්ල බන්ධනාගාර ආරක්ෂක කැමරා පද්ධතියේ පැහැදිලිව සටහන් වී ඇත. 


වයස මාස හයක් වූ අතදරුවා එතැනම මියැදී තිබුණු අතර, අනෙක් දරුවා බරපතළ තුවාල ලැබ දැනට රෝමයේ ළමා රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටී. වෛද්‍ය වාර්තාවන්ට අනුව මෙම දරුවාගේ ද ජීවිතය බේරාගැනීම පිළිබඳව පූර්ණ විශ්වාසයක් තවමත් තැබිය නොහැකිය. 


ජර්මන් ජාතික රැඳිවියගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව අනෙකුත් රැඳිවියන් විසින් කරන ලද පැමිණිලි නොතකා හැරීමේ වරදට රෝමයේ රෙබිබ්බියා බන්ධනාගාරයේ කාන්තා අංශයේ අධ්‍යක්ෂකවරිය මනෝචිකිත්සකවරිය ඇතුළු නිලධාරීන් කීපදෙනෙකුගේ වැඩ දැනටමත් තහනමට ලක්කර ඇත. 


කාන්තාවන් දෙදහස් පන්සිය පනහක් විවිධ චෝදනා මත ඉතාලියේ බන්ධනාගාර ගතව සිටින අතර, මින් පනස් දෙනෙකු වයස අවුරුදු හයට අඩු තම දරුවන් සමඟ සිරගෙවල් තුළ ජීවත් වෙති. මෙසේ අම්මලා සමඟ ඉතාලියේ සිරබත් කන වයස අවුරුදු හයට අඩු දරුවන්ගේ මුළු සංඛ්‍යාව හැට දෙකකි. මේ අතර ඉතාලි ජාතික දරුවෝ තිස්තුන් දෙනෙක් ද, විදේශික පුරවැසි දරුවෝ විසිනව දෙනෙක් ද වෙති. 


ගැස්කොන් ලාසරස් - රෝමය, ඉතාලිය.  



අදහස් (0)

ජර්මන් ජාතික දෙදරු මවක් රෝමයේ සිර ගෙයක් තුළදී සිඟිති දරුවකු මරා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site