IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජර්මනියට අංග සම්පූර්ණ චෛත්‍යයක්

 

ජර්මන් බෞද්ධ ඉතිහාසයේ අසිරිමත් ඓතිහාසික සටහනක් සනිටුහන් කරමින් ප්‍රථම වරට අංගසම්පූර්ණ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරයේ ස්ථාපිතකොට පසුගිය සැප්තැම්බර් 08 වැනි දින සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සුභ මොහොතින් විවෘත කරන්නට යෙදුණි.  


තත් විහාරාධිපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ ඇතුලු විහාරවාසි ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවෙන් වැඩමවා ස්ථාපිත කරන්නට යෙදුණු මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවයෙන් පසුව පැවැති උත්සව සභාව යුරෝපා සංඝපති ඔස්ට්‍රියා වියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද විජයරාජපුර ශීලවංස නාහිමියන්ගේ මූලාසනයෙන් හා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමන් හා හැම්බර්ග් නුවර ශ්‍රී ලංකා කොන්සුල් ජනරාල් Olav-Carl Ellerburk මැතිතුමන්ගේ හා ස්නේෆර්ඩ්න්ගන් නගරාධිපතිනි Meike Moos Steffens මැතිනියගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණි.  


විහාරාධිපති නාහිමියන් විසින් පිරිස පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන අනුශාසනාව මහාචාර්ය පූජ්‍යපාද විජයරාජපුර ශීලවංස නාහිමියන් විසින් සිදු කරන්නට යෙදුණි. ජර්මන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ට 65 වසරක් සපිරෙන මෙම මොහොතේ පළමු වරට ජර්මනියේ මෙවන් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් නිර්මාණය කර ගැනීමට ලැබීම ගැන ශ්‍රී ලාංකිකයෙකු ලෙස තමන් මහත් ආඩම්බරයට පත්වන බව තානාපතිතුමන් සිය කතාවේදී සඳහන් කරන්නට යෙදුණි. කොන්සුල් ජනරාල්තුමන් හා නගරාධිපතිතුමිය ද එම උත්සව සභාව අමතමින් වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ මෙම විහාරස්ථානය ලබා ඇති දියුණුව පිළිබඳව තම සතුට පළ කළෝය. දායක සභාවේ සභාපති ආචාර්ය ප්‍රැන්සිස් සමරවික්‍රම මහතා ස්තුති කතාව පැවැත් වූ අතර රනීෂා ​ෆොන්සේකා සිසුවිය අලංකාර පූජා නැටුමකින් සභාව ප්‍රබෝධවත් කළාය.  


එදින දහවල සංඝගත දක්ෂිණාවක් හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වා ලක්වැසි ලෝවැසි සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නට යෙදුණි.  


මෙම උත්සවයට සමගාමීව විහාරස්ථානයේ ඉදි වූ භාවනා ශාලාව හා සක්මන් මළුව ද ජනගත කරනු ලැබිණි. ඒ සඳහා ධන පරිත්‍යාගයෙන් කටයුතු කළ ජර්මන් ජාතික Giesala Menzel සහ Ulrike Demming යන බෞද්ධ ධානපතියන් දෙපල වෙත තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.  


සඟසතු කොට පූජා කර ඇති තුන් බෝ වැඩ සිටින ජර්මනියේ එකම බෞද්ධ විහාරස්ථානය වන මෙම ශ්‍රී ලංකා මහා විහාරය ථෙරවාදි භික්ෂුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින විහාරස්ථානය වශයෙන් ද විශේෂත්වයක් උසුලනු ලබයි.  


මෙම පිංකම සඳහා යුරෝපයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා 15 නමක් වැඩම කොට සිටි අතර හැම්බර්ග් ​​​බ්‍රේමන් හැනොවර් ප්‍රැන්ක්ෆර්ට් ආදි දුර බැහැර නගරවල සිට ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් ජාතික බෞද්ධ පිරිස මෙම උතුම් කටයුත්ත සඳහා පැමිණ දායකත්වය ලබා දෙන්නට යෙදුණි.

 

 

 

රිස්මි අබ්දුල් මජීඩ්  
බර්ලින්, ජර්මනිය.



අදහස් (0)

ජර්මනියට අංග සම්පූර්ණ චෛත්‍යයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31364 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13587 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1003 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site