IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එදා ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයකදී නිරුවතින් දිවගිය වියට්නාම් දැරිය මෙදා “ඩ්‍රෙස්ඩා” සාම ත්‍යාගය ලබයි

 

 

ඇමෙරිකාව විසින් වියට්නාමයේ ගෙනගිය යුද්ධයේදී, 1972 ජුනි මස දහඅටවැනිදා සයිගොන් නගරයට කි.මී. හතළිහක් ඈතින් වූ ගම්මානයකට හෙළන ලද නාපාම් ගිනි බෝම්බ ප්‍රහාරයකට ලක්ව, භීතියෙන් දිවයන ළමුන් පිරිසක් අතර පිළිස්සුම් තුවාල සහිතව නිරුවතින් දිවගිය ගැහැනු දරුවාගේ ඡායාරූපය, එදා යුද්ධයේදී ඇමෙරිකාවේ කුරිරු බව ලොවට පෙන්වූ නිහඬ සාක්ෂියක් විය. මෙම ඡායාරූපය ලොව පුරා ඇමෙරිකානු යුද විරෝධී මතයක් ගොඩනැගීමට සමත්වූ බව පිළිගැනේ. මෙම ගැහැනු දරුවා වයස අවුරුදු නවයක් වූ කිම් පක් බව පසුව සොයාගන්නා ලදී. 


පසු කලෙක ඇමෙරිකාවට සංක්‍රමණය වූ කිම් පක් යුද්ධයේදී තුවාල ලබන දරුවන්ගේ සුබසිද්ධිය සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගත්තාය. දැනට ඇය කැනඩාවේ පදිංචිව සිටී. යුනෙස්කෝ ආයතනය සමඟ සම්බන්ධව යුද පවතින රටවල මෙම සංවිධානය විසින් කරගෙන යනු ලබන සේවය ඇගයීමක් වශයෙන්, පසුගියදා එම සංවිධානයේ නිර්මාතෘවරිය වන කිම් පක් ජර්මානු “ඩ්‍රෙස්ඩා” සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා ය. මෙම ත්‍යාගය සමඟ ඇයට යුරෝ දසදහසක මූල්‍යමය ආධාරයක් ද ලැබේ. 


කිම් පක් පිළිස්සුම් තුවාල සහිතව දිවයන ඡායාරූපය එවකට ඇසෝසිඒටඩ් ප්‍රෙස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු වූ නික් ඌට් විසින් ගෙන තිබුණු අතර, එම ඡායාරූපය පුලිට්සර් ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. 


කිම් පක් එදා පිළිස්සුම් තුවාල සහිතව දිවගිය අයුරු සහ අද ඇය ඉහළ ඡායාරූපවලින් දැක්වේ. 

 

 


චාපි කෝසලා, 
මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

එදා ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයකදී නිරුවතින් දිවගිය වියට්නාම් දැරිය මෙදා “ඩ්‍රෙස්ඩා” සාම ත්‍යාගය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site