


ඉතාලියේ කෝමෝ නගරයේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට එම නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් විසින් දායකත්වය සපයන ලදී. 2019 නොවැම්බර් 1 දින පවත්වන ලද සාංඝික දානමය පුණ්‍යකර්මය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වංගියකුඹුරේ ඥානවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකරන ලද අතර ඒ සඳහා යුරෝපයේ විවිධ රටවල බෞද්ධ විහාරයන්හි විහාරාධිපතීන් වහන්සේලා වැඩම කරවන ලදී. දානමය පුණ්‍යකර්මය සඳහා වැඩම කළ ජර්මනියේ හැම්බර්ග් විහාරයේ විහාරාධිපති රත්මලේ පුන්‍යරතන, ස්විට්සර්ලන්තයේ සූරිච් බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති මහගම විපුලසිරි නාහිමි ඇතුළු සංඝරත්නය දර්ශනීය පෙරහරකින් ඉසිපතන බෞද්ධ මධ්‍යස්ථානය කරා වැඩම කරවන ලදී.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
819
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉතාලියේ කෝමෝ භාවනා මධ්‍යස්ථානයේ කඨින පිංකම